ධවල අසිපතෙන් නොසිඳින්  පෙකෙණිවැල

Featured

මොහොතකට සිතෙහි මවාගන්න! ඔබ, නවතම James Bond චිත්‍රපටිය බලමින් සිටින අතරවාරයේ දී, Bond ගේ සහයක ලෙස, නොසිතූ ලෙස, ශ්‍රී ලාංකීය සුරූපී නිළි, යුරේනි නොෂිකා, එකවර තිරයේ මතු වූවොත් ඔබට දැනෙන හැඟීම මොන වගේ විය හැකිද? අන්න එවැනි තුෂ්ණිම්භූත මෙන්ම කුල්මත් හැඟීමක් මට දැනුනු මොහොතක රූප රාමුවක් පහත දැක්වේ.

19547_10150102495585054_5102424_n

යුරෝපය මැද සිංහල නාම පුවරුවක්! ඔව්, ආඩොල්ෆ් හිට්ලර් ගේ තිඹිරිගෙදර ට නුදුරින්, පිහිටි ඔස්ට්‍රියාවේ ලින්ස් නුවර ට මා පිවිසෙන මොහොතේ ඇස ගැටුණු ගාම්බීර දසුනයි ඒ.

2009 වසරේ යුරෝපීය සංස්කෘතික සම්මේලනය ට සමගාමීව, නගරය සංස්කෘතික විවිධත්වයෙන් වර්ණවත් කිරීම උදෙසා, ලොව දැකුම්කළු ම සහ අතිශය අනන්‍ය වූ අක්ෂරමාලා නවයක් අතරින් සිංහල භාෂාව තෝරාගෙන ඇති බව පසුව සැළ විය [1].


සිංහලේ සුවිශිෂ්ටත්වය

ගෝලීය මෙන්ම කලාපීය භාෂා ගත් කල, කරුණු කීපයක් නිසා සිංහල භාෂාව ඉතා සුවිශිෂ්ට වෙයි.

  1. සුලලිත අක්ෂරමාලාව

ලොව එකිනෙක වෙනස් භාෂා 7000 කට ආසන්න ප්‍රමාණයක් හඳුනාගෙන ඇත. ඒවායින්, අනන්‍ය වූ අක්ෂරමාලාවකට හිමිකම් කීමට හැකියාව ඇත්තේ භාෂා 4000 කට ආසන්න ප්‍රමාණයකට පමණි. (උදා: බටහිර ඉන්දියාවේ කොන්කනි භාෂාවට, අදටත් අක්ෂරමාලාවක් නැත [2]). ඒ අතරනි, ලින්ස් නගර අලංකාරයට සිංහල බස තෝරාගත්තේ, රාජ්‍යතාන්ත්‍රික හිතවත්කම් පෑමට නොව.

2. සරළ බව

සිංහල බස, ලියන අයුරින්ම කියවන බසකි. ඉංග්‍රීසි සහ ලතින් පවුලේ භාෂා හා සසඳන කල මෙය වැටහෙනු ඇත. උදා: choir උච්චාරණය, ලියන අයුරට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය. මේ නිසා ඉංග්‍රීසි උච්චාරණයේ සංගතබාවය (consistency) නොයෙක් විට ගිලිහී යනු දක්නට ලැබේ. උදා: put සහ but.

ව්‍යාකරණ දෙස බැලු කල එහි ද සිංහල බස ඍජු සහ සරළ රීති වලින් පෝෂණය වී ඇත. ඔබ ජර්මන් බස හෝ ස්ලැවික් පවුලේ භාෂා හදාරා ඇත්නම් අටුවා ටීකා අවශ්‍ය නැත.

3. විරල බව

සිංහල බසේ ප්‍රථම මුල්, පෙරදිග ඉන්දියාවට සහ මධ්‍යම-ගිනිකොණ ආසියාවට විහිදුන ද, වසර දහස් ගණනක සිට දූපතක තනිව රෝපණය වූ නිසා, අද අප මව්බස ශ්‍රී ලාකිකයන්ට පමණක් වැටහෙන, ඉතා විරල සහ අනන්‍ය භාෂාවක් බවට පරිණාමනය වී ඇත. මෙම පුරසාරම නේපාල, බංග්ලාදේශ, පකිස්තාන, ජාතිකයෙකුට හෝ හින්දි කතිකයෙකුට හිමි නොවේ. මෙය වෙනත් විදියකින් කීවොත්, මගේ හිතේ ඇති ඕනෑම කුණුහරපයක් ආවේගයක්, තැනක් නොතැනක් නොබලා, නොපිරිහෙළා පිටකිරීමට ලංකාවෙන් පිට මට ඇති නිදහස මුදලට මිළ කල නොහැක.

4. සංයුක්ත බව

එකම වචනය ලිවීමට සිංහලෙන් අවශ්‍ය වන අකුරු ගණන, යුරෝපීය හෝ අරාබි භාෂාවන් වලින් ලිවීමට අවශ්‍ය අකුරු ගණනට වඩා බොහෝ සෙයින් අඩුයි. උදාහරණයක් ලෙස එංගලන්තයේ Loughborough නගරය ගත් කල, සිංහලෙන් එය ලිවීමට අවශ්‍ය වෙන්නේ අකුරු හතරයි (ලෆ්බර). ප්‍රංශයේ බොර්ඩූ (අකුරු තුනයි) ප්‍රංශ බසින් ලිවීමට අකුරු 8ක් අවශ්‍ය වේ (Bordeaux).

මෙම ඉතා සුවිශේෂී සංයුක්තබාවයට උරුමකම් කියන්නේ ලෝක භාෂා අතුරෙන් ඉතා අතළොස්සක් පමණි [3].

5. උච්චාරණයේ බහුනිපුණත්වය

සිංහල බස නිවැරදිව උච්චාරණය කළ හැකි අයෙකුට, අන් භාෂා, විශේෂයෙන්ම යුරෝපීය භාෂා නිවැරදිව උච්චාරණය කිරීමට ඉගෙන ගැනීම පහසු වේ. නමුත්, කොරියන්, චීන, ජපන් ජාතිකයෙකුට හෝ යුරෝපිකයෙකුට, සිය භාෂා පවුලෙන් පිට භාෂාවක් (හෝ අඩුම තරමින් නමක්) නිවැරදිව උච්චාරණය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරිය යුතුයි. ප්‍රංශ ජාතිකයන් සිය අසල්වැසි ඉංග්‍රීසි බස උච්චාරණය කරනවාට වඩා මනාවට සිංහලයින් ඉංග්‍රීසි උච්චාරණය කරන බව මා නිරීක්ෂණය කර ඇත. ඔබ ක්‍රිකට් ලෝලියෙක් නම්, මුටියා මුරලිදරාන්, මහීලා ජයවෝඩීනා වැනි හඬවල් බටහිර විස්තර විචාරකයින්ට ගේ මුවින් ඇසී ඇති බවට නිසැකය. ඒ ඉංග්‍රීසි බසෙන් පමණක් පුහුණු වූ දිවකට, උච්චාරණයේ ඇති සීමා විදහා දැක්වීමකි.

මෙම වෙනසට ප්‍රධාන වශයෙන් බලපාන හේතුව නම්, සිංහලේ ප්‍රාණ-අක්ෂර (vowels) සහ ඒවායේ සංකරණ 18 ක් ඇති අතර, ඉංග්‍රීසි බසේ ඇත්තේ 5 ක් පමණි (ස්කැන්ඩිනේවියානු භාෂා වල 8 ක් ඇත). ප්‍රාණ-අක්ෂර වැඩි වන තරමට, එම බසේ ශබ්ද විභේධන හැකියාව වැඩි වනු ඇත. මෙම නිසා උච්චාරණ පරාසය සහ නිරවද්‍යතාවය, ඉංග්‍රීසි බසට (හෝ අනෙකුත් යුරෝපීය බස් වලට) වඩා සිංහල බසෙහි ඉමහත් ලෙස පෘථුල වෙයි.

6. බහු-පෝෂිත බාවය

සංස්කෘත, පාලි උල්පත් භාෂා වලින් හටගත් සිංහල අතු භාෂාව, පසු කාලීනව දෙමළ භාෂාවෙන් බොහෝ සේ පෝෂණය වී ඇත [4, 5]. ඉන්පසු යටත්විජිත සමයේ, සිංහල බසට කාන්දු වූ පෘතුගීසි [6], ලන්දේසි [7] සහ ඉංග්‍රීසි [8] වචන ගණන ඉතා අධිකය. යටත්විජිත සමය එක්තරා අයුරකින් අප අතුල්‍ය මව්බස, අපවිත්‍ර කළේ යයි කිව හැක. නමුත් අන් භාෂා  ඉගෙනීමට ඇල්මක් දක්වන අයට, සිංහල භාෂාව ගැඹුරෙන් දැන සිටීම මහත් සේ පිටුවහලක් වනු ඇත.


දැයේ පෙකෙණිවැල

සුභාෂිණි සහ බස්නායක යුවළ ට තම දරුවාට භාෂා හතරකින් සුප්‍රකට ඉබ්බගෙයි හාවාගෙයි කතාව කියා දීමට හැකියාව ඇත. නමුත්, එම කතාවට හැඟීම් සහ ජීවිත අත්දැකීම් මුසු කරමින්, හාවාගේ සහ ඉබ්බාගේ ඒ ඒ ලක්ෂණ දරුවාට ඒත්තු ගැන්වෙන පරිදි කියා දිය හැකි භාෂාව කුමක්ද, එම භාෂාව දරුවාගේ නොඉඳුල් මනසේ මව් භාෂාව ලෙස අත්තිවාරම් කපයි. නූපන් දරුවකු මව්කුසේ දී පෙකෙණිවැල හරහා පෝෂණය ලබන්නාක් සේම, අලුත උපන් දරුවා දැනුමෙන්, සිරිතෙන්, සාරධර්මයෙන් පෝෂණය වෙන්නේ මව්බස හරහා ය.

සිය මව්බසේ හසළ නිපුණත්වය, අන් භාෂා ඉගෙනීමට, ගණිත හැකියා හා බුද්ධි ප්‍රවර්ධනයට බෙහෙවින් ඉවහල් වන බව අද පරීක්ෂණ මගින් සනාථ වී ඇත [9, 10, 11].

මෙවන් අසීමිත වටිනාකමක් ඇති මව්බස ට විවිධ රට වල සැලකිළි විවිධාකාරයි. එය සොයා බැලීමට මාගේ විදෙස් මිතුරන් 50 ක් අතරේ, මම සුළු ප්‍රශ්නාවලියක් [12] බෙදා හැරියෙමි. ලැබුණු පිළිතුරු [13] විශ්ලේෂණයේ දී අනාවරණය වූ ප්‍රධාන කරුණ නම්, සිය රටේ මව්බස ට දෙන ස්ථානය අනුව, ලොව රටවල්, කාණ්ඩ දෙකකට වෙන්කරගත හැක.

table capture

*මෙම රටවල දේශීය මව්භාෂා අභාවයට පත්ව ඇත. දැන් එම රටවැසියන් මව්බස ලෙස හඳුන්වන්නේ තම රට යටත් කරගත් අධිරාජ්‍යය විසින් හඳුන්වා දුන් භාෂාවට ය.

ජාතික අනන්‍යතාවය සහ ප්‍රෞඩත්වය රටවැසියන්ගේ සිතෙහි ජනිත කිරීමේ අරමුණින් සවිබල-කණ්ඩායම මව්බසට එලෙස ප්‍රමුඛත්වයක් ලබා දෙයි. එමෙන්ම දරුවන්ගේ අධ්‍යාපන කුසලතාවය තීව්‍ර කිරීම සඳහා ඔවුන් මව්බස මෙවලමක් සේ උපයෝගී කරගනි [14].

අප අධ්‍යාපන ප්‍රතිපත්ති දෙස බැලූ කල, අවාසනාවන්ත ලෙස, ශ්‍රී ලංකාව අයත් වන්නේ පෙකෙණිවැල සිඳගත් සොමි-බර කාණ්ඩයට ය.


පොළොවේ යථාර්තය

ජාතිමාමක, සිංහල-ප්‍රේමිත්වයේ ආයු කාලය, රැකියාවක් සඳහා අප යන ප්‍රථම සම්මුඛ සකච්ඡාවෙන් අවසන් වනු ඇත. පාසලේ පටන්, සමාජයේ සියලු කොනකම ඉංග්‍රීසි බස වඩාත් දන්නා අයට පිළිගැනීම වැඩියි. ලංකාවේ විධායක ශ්‍රේණියේ රැකියා වල නිළ භාෂාව, ඇතැම් විට කිසිම හේතුවක් නොමැතිව ඉංග්‍රීසි ය.

මෙවන් පසුබිමක සිට මා නොර්ව් රටට පැමිණි පසු අප රටේ ඛේදවාචකය වැටහීම ඇරඹුණි. ප්‍රධාන විධායක නිලධාරියාගේ සිට පහළම සේවකයා දක්වා සැමට හොඳ ඉංග්‍රීසි දැනුමක් තිබුනත්, ඔවුන් සැම විට ප්‍රිය කරන්නේ මව්බස කතා කිරීමටය. ලෝකයේ ඉංජිනේරු ක්ෂේත්‍රයේ පතාකයෙක් වූ සීමන්ස් (SIEMENS) ආයතනයේ මා සේවය කරන කාලයේ, රැස්වීමක විදේශිකයෙකු නොමැති නම්, ඔවුන් මව්බසින් සංවාදය අරඹයි. රටේ ප්‍රධානතම තාක්ෂණ විශ්වවිද්‍යාලයේ, පශ්චාත් උපාධියේ නිළ අධ්‍යන බස ඉංග්‍රීසි ය. නමුන් පන්තියේ විදේශිකයෙකු නොමැති නම්, වහාම මව්බසෙන් ඉගැන්වීම අරඹයි. මව්බසට ඇති නැඹුරුව, ජර්මනියේ, ඔස්ට්‍රියාවේ, ස්විට්සර්ලන්තයේ, ප්‍රංශයේ සහ ඉතාලියේ මීටත් වඩා තදබලයි.

පොළොවේ යතාර්ථය නම්, ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍යයෙන් hardware නිදහසක් ලැබුවද තවම රටේ දුවන්නේ අධිරාජ්‍යයා ගේ software ය. මෙම විකෘති තත්වය ට මුහුණ දීමට අප කුඩා කල සිට හුරු පුරුදු වීම ඔබගෙත් මගෙත් වරදක් නොවේ. හැකි සෑම අයුරින් ම ඉංග්‍රීසි බස ප්‍රගුණ කර ගැනීමට වෙහෙස විය යුතුය යන්න මගේ අදහසයි. ඉංග්‍රීසි හොඳින් දැනගැනීමෙන් අවාසියක් වූ කෙනෙක් මට තවම මුණ ගැසී නැත.


පොල් තෙල් මොළේ

යටත්විජිත සමයට පෙර සිංහල ප්‍රභූ පංතිය, භාෂා 3 ක් වත් දැන සිටි ඇති බවට අලගියවන්න මුකවෙටි කිවිඳාණන් විසින් 16 වන ශතවසේ ලියූ සුභාෂිතය සපථ කරයි [15].

subhashithaya_alagiyawanna

නූතන ලාංකීය භාෂා ප්‍රතිපත්තියේ වැරදුන තැන ඒක-භාෂා සංකල්පයයි (monolingualism). “උගතුන්ගේ බස ඉංග්‍රීසි “ යන සංකල්පය ලාංකීය ප්‍රභූ පන්තියට දායාද කලේ බ්‍රිතාන්‍යයින් ය. අපූරු කියමනක් සමඟ එය මෙසේ පැහැදිළි කල හැක.

ඔබට භාෂා තුනක් කතා කල හැකි නම්, ඔබ ත්‍රෛභාශිකයෙකි (trilingual). ඔබ භාෂා දෙකක් කතා කරයි නම්, ඔබ ද්වීභාශිකයෙකි (bilingual). ඔබ ට පුළුවන් එක් බසක් පමණක් නම්, ඔබ එංගලන්ත ජාතිකයකි.

යුරෝපීය රටවල් අතුරෙන් අන් භාෂා ඉගෙන ගැනීමට වඩාත් දුර්වලම ජාතිය, එංගලන්ත ජාතිය යි [16]. ඒ, ඉංග්‍රීසි බස විශ්ව බස සේ සිතන අධිරාජ්‍යවාදී මානය නිසා ය. ඉංග්‍රීසි නොවන ජාතීන් බලවත් වෙමින් පවතින නවීණ ලෝකයේ, ඉංග්‍රීසි ජාතීන් බෙලහීන සහ  කොන් වෙමින්  සිටින බවට මා හිතවත් ඉංග්‍රීසි ජාතිකයන් මා සමඟ පවසා ඇත [13].

පොල් තෙල් තියෙන බෝතලයකට, වතුර දමා තැබීමට නම්, පොල්තෙල් ටික සම්පූර්ණයෙන් ම අහක් කළ යුතුය. නමුත් මිනිස් මොළය, පොල්තෙල් බෝතලයකට වඩා ටිකක් දියුණුයි. මොළයට භාෂා කීපයක් එකවර රඳවා තබා ගත හැක. ඒක-භාශිකයන්ට වඩා බහු-භාශිකයන් ගේ මානසික සුවය [17], නිර්මාණශීලීත්වය [18] සහ හැඟීම් කළමනාකරණ කුසලතා [19] වැඩි බව පරීක්ෂණ වලින් සනාථ වී ඇත. එම නිසා ඉංග්‍රීසි බස ප්‍රගුණ කිරීම උදෙසා, සිංහල බසේ හැදෑරීම අත්හිටවියයුතු නැත.


සංහිඳියාව ට බාධාවක් ද?

සිය මෑණියන් ට ගරු කරන්න දන්න අයට අන් මෑණිවරුන්ට ගරු කිරීමට අලුතෙන් කියා දියයුතු නැත. එබැවින් හසළ සිංහල දැනුම, දෙමළ බස ට හිමි ස්ථානය අහිමි කිරීමක් නොව. ඇරත්, ඔබ ඉහත සුභාෂිත කවි පන්තිය හොඳින් කියවනු මැනවි. එය ලියා ඇත්තේ, මා වැනි දෙමළ බස නොදත් මෝඩ සිංහලයින් ට ය. අතීත සිංහල පඬිවරු න් ගේ බුද්ධිය පෝෂණය කර ඇති මහා උල්පතකි, දෙමළ බස. දෙමළ බස, අන් මවක් නොව, අප මව්බසේ එක් මාතාවකි.


අවර ට පෙර

එක පසකින් මව්බසේ හසළත්වය පුද්ගලිකව ඔබටත්, පොදුවේ රට ජාතියටත් ඉතා හිතකර ය. අනෙක් පසින්, අපට උරුම මව්බස ලෝකප්‍රසාදයට පත්, විරල ගුණ ඇති ලෝක උරුමයකි.

ජීවිතයේ වටිනාම දේවල් වන හිරු එළිය, ඔක්සිජන්, වතුර නිරායාසයෙන් අපට ලැබෙන නිසා  ඒවායේ අගයක් නොදැනෙනු ඇත. අප මව්බස ත් සිංහල අපට දායාද වූ එවැනිම මහඟු සම්පතකි. එහි වටිනාකම වටහා ගෙන, එයත් ඔබවත් රැකගන්න.

සරළ විරල රස බස ගුණ කඳ                 අමිළ
දැයට උරුම මව්බස මනරම්                 සිහල
විපුල ඵල නෙළන් හෙළබස දැන         හසළ
ධවල අසිපතෙන් නොසිඳින් පෙකෙණිවැල

÷ නිසා වැරදුනු X

Featured

කාලෙක පටන් පුංචි බෙන්ජමින්, සිය පාසලේ සිටිනා තෙරේසා නමැති තම හොඳම මිතුරිය ගැන තෝරතෝන්චියක් නැතිව ගෙදර ඇවිත් විස්තර කියයි. බෙන්ජමින් මෙච්චර ආදරේ කරන මේ පුංචි මල්කැකුලිය මුණ ගැසීමට බෙන්ජමින් ගේ අම්මාට ඇති වුනේ දැඩි කුතුහලයකි. එක් හවසක අම්මා වැඩ ඇරී බෙන්ජමින් ව පාසලෙන් ගැනීමට ගොස් සෙමින් පුතු ගේ කනට කර “කෝ මට තෙරේසා ව පෙන්නන්න” කීවයා. බෙන්ජමින් වට පිට බලා පුංචි ළමයින් අතරින් එබිකම් කර.. “අර ඉන්නේ” යැයි ප්‍රීතියෙන් පාසල් උද්‍යානය දෙසට ඇඟිල්ල දිගු කර පෙන්නුවේ ය. ඇඟිල්ල ඔස්සේ ළමා ලපටි රොත්තක් දුටු අම්මා ට කිසි දිනක නොදුටු තෙරේසා ව හඳුනා ගැනීමට නොහැකි විය. එවිට අම්මා බෙන්ජමින් ගෙන් ඇසුවේ.. “අර ඔන්චිල්ලාවේ ඉන්න බබා” ද යනුවෙනි. එවිට බෙන්ජමින් පිළිතුරු දුන්නේ “නැ අම්ම, ඒ මටීනා .. අර රතු පාට තොප්පියක් දාගෙන ඉන්නේ.. එයා තමයි තෙරේසා“. අම්මා ඉස්සී බැලූ කල රතු තොප්පි දාගත් ගෑනු ළමයි කීපදෙනෙක් දුටුවාය. හඳුනා ගැනීමට වෑයම් කරමින් සිටින අතර අම්මගේ තුරුලෙන් ගැලවී ළමයින් අතරට දිව ගිය බෙන්ජමින්, සුරතල් පුංචි දැරිවියකගේ අතින් අල්ලාගෙන අම්මා වෙතට පැමිණියේ ඉතා ආඩම්බරයෙනි.

තෙරේසා ව දැක ගත් වහාම අම්මා තිගැස්සී මොහොතක් කල්පනා කළාය. යුරෝපීය සුදු ළමයි තිහකට අධික පිරිසක් අතරින් බටහිර අප්‍රිකාවේ බෙනීන් ජාතික සරණාගත දෙමාපියන්ට දාව ඉපදුනු කළු සමැති තෙරේසා බෙන්ජමින් ගේ හොඳම යාළුවා වූවා පමණක් නොව ඇයව ඔහු වෙන් කොට හැඳින්වූයේ ඇගේ රතු තොප්පියෙන් මිසක් කළු සමෙන් හෝ පරණ වූ ඇඳුමෙන් නොවේ.


රැවටිලි සහගත මනස

සත්‍ය අත්දැකීමක් පාදක වූ ඉහත කතාවෙන් අපට පසක් කර දෙන මුඛ්‍ය සහ සත්‍ය කතාව නම්, කුඩා කල මිනිස් අපගේ නිකැළැල්, නිර්මල සිත් හඳුනා ගත්තේ තවත් පුංචි මිනිස් ජීවිත අප සමඟ බෙදා ගත් ප්‍රේමය, මිතුදම පමණි. නමුත් ඇති දැඩි වන ළමා අවධියේ, අප සිත් වල තැම්පත් වන සහ තැම්පත් කරවන ඒකාරූප (stereotypes) සහ අනුබෝධ (perceptions) මත වැඩි වියේ දී ලෝකය දකින්න පුරුදු වේ. මේ ඒකාරූප ඉතා ගැඹුරු මානසික තල වල තැම්පත් වී ඇති බැවින් ඒවා යේ සියුම් බලපෑම් අවබෝධ කරගැනීම ඉතා අපහසුය. අපට ප්‍රයෝජනවත් ඒකාරූප බොහොමයක් ඇත. නිදසුනක් ලෙස කුඩා කල, මිදුලේ සිටි ගැරඬියකු පෙන්වා අම්මා අප සිත්වල ඇති කල බය, පසු කලෙක නයෙක්, පොළගෙක් ගෙන් ඔබ්බට ගොස්, ඇඳ යට වැටී බාගෙට පෙනෙන බඳ පටියටත් වලංගු වේ. තළු මරමින් අනුභව කල රසමසවුළු, අප සිරුර තුලින්ම ජීරණය වී හෝරා කීපයකට පසු මළපහ ලෙස පිට වන විට දැනෙන අප්‍රිය, දුගඳ, අපවිත්‍රතාවය අප ගේ අනුබෝධ වලින් ලබාගත් පුරුදු පුහුණුවක් මිස නෛසර්ගිකව දායක නොවූවක් බව මා පියෙකු වූ පසු අවබෝධ විය. මේ හා සමානව, අප හැදී වැඩෙන පරිසරය, යන පාසල, දෙමාපියන්ගේ බලපෑම්, ආර්ථික වටපිටාව මත, අපේ සහෝදර ජනකොටස් කෙරෙහි, උපතින් ගෙන ආ මානව දයාව, මනුස්සකම පසෙක ලා විවිධ ඒකාරූප ඔස්සේ බැලීමට පුරුදු පුහුණු වේ. ඉතා හිතවත් යුරෝපිකයකු මට දිනක් පාපොච්චාරණයක් කළේය. ඔහු අප්‍රිකානු මිනිසුන් කෙරෙහි කෙතරම් ඍණාත්මක අනුබෝධයක් ප්‍රවර්ධනය කරගෙන ඇති ද යත්, අප්‍රිකානුවන් අසල සිටින විට අසූචි දුර්ගන්ධයක් තමාට දැනෙන බව පැවසීය. අපේ මනස මෙතරම් රැවටිලි සහගත ය.

නූතන ශ්‍රී ලාංකිකයන් යනු ආර්ථික ව, භූමික ව හෝ යල් පැන ගිය අධ්‍යාපනික පද්ධති තුල සීමා රහිතව සීසීකඩ ව බෙදා වෙන්ව හදන හැදෙන ජන සමාජයක් ය. මා දකින ආකාරයට, මේ උග්‍ර සමාජ වියෝජනය, මුළු මහත් දේශයේ ම අගතියට හේතු සාධක වන ජන-පෝෂිත දේශපාලක පරපුරකට නොමසුරුව රට කොල්ල කන්නට ඉඩ හැර ඇත. මේ ලිපියේ අරමුණ, සාමාන්‍ය අප අතර මතුපිටින් පෙනෙන බෙදීම් පිටුපස ඇති සත්‍ය හේතු සාධක නිරාවරණය කිරීමය. එම නිරාවරණයට මත්තෙන්, අප ඡන්ද දායකයන් ලෙස බෙදා ඇති ආකාරය මුලින් ම සැකෙවින් හඳුනා ගනිමු.


කතිර (X) බෙදී ඇති අයුරු

ඡන්ද පෙට්ටිය අභිමුවෙහි අප බෙදා වෙන්වන අකාරය අවබෝධ කරගැනීම සඳහා අතිශය පෞද්ගලික ස්වයං විවේචනයක් කල යුතු වන අතර, අප තුල ඇති මතවාදය රෝපණය වුයේ කිමදැයි සොයා බැලීම, ලංකාව වැටී ඇති දූෂණ උගුලෙන් ගොඩ ඒමේ පළමු පියවරයි. ඉක්බිති, facebook හි උදේ හවස අපගේ මොළ සේදීමට (brain washing) වෑයම් කරන මිතුරන්ගේ ළමා කාලය ද හඳුනා ගැනීමද වටිනු ඇත. ඉතා වියුක්ත සිංහල ඡන්ද දායකයා ව පැහැදිලි කිරීමේ අරමුණින්, ඉතා සරළව පහත රූපයෙන් ප්‍රකාශ කරමු.

චන්ද සීන් (7)

රූප 1: මෑතක සිට සිංහල ඡන්දදායකයෝ බෙදී ඇති ආකාරය

A: මේ ඉන්නේ අන්ත අසරණතම ශ්‍රී ලාංකික ප්‍රජාවයි. මුරලි ලඟදි කතා කලේ මේ සහෝදර පිරිස් ගැනය. දුප්පතා ගේ හිතවතා වෙනුවෙන් ප්‍රධාන පක්ෂ වල ඡන්ද රැස්වීම් වලට සහභාගී වන හිතවතා ගේ දුප්පත්තු මොවුහු ය. සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග වල බහුතරය මොවුහු වෙති. නොපෙනන දෙවියන් ට වඩා පෙනෙන මන්ත්‍රී හාමුදුරුවෝ මත මේ ජනතාව යැපෙන්නේ කොට නම් කම්කරු සහ උස නම් සිකුරිටි රැකියා සඳහා ය. අඩු අධ්‍යාපන මට්ටම් නිසා ඉතා පහසුවෙන් උසිගැන්විය හැකි මේ අපේම ලාංකීය ජන කොට්ඨාශය දූෂිත දේශපාලකයා දශක ගණනාවක් තිස්සේ උපයාගත් වටිනා ම වත්කමයි. මෙම ලිපිය මේ සහෝදර පිරිස අතරට නොයනු ඇති බව මා කනගාටුවෙන් තේරුම් ගනිමින් තවදුරටත් ලියමි.

B: 1948 සිට ලංකාවේ පරිහානියේ පෙරගමන් කරුවෝ, කූඨ කුමන්ත්‍රණ කරුවෝ මොවුහු වෙති. සැපවත් පැලැන්තියේ ජීවිත ගත කිරීමට ප්‍රිය කරන මොවුහු, ඒ සඳහා ස්ව විනය, වීර්ය සහ විදර්ශනය වෙනුවට කෙටි ක්‍රමයක් ලෙස දුෂිත දේශපාලනය තෝරා ගත් පිරිස් වේ. මොවුන් ගෙන් ඇතැම් දෙනා දැන් ගරා වැටෙමින් පවතින, රජ කාලේ සිටි පැලන්තිකරුවෝ ය. මොවුහු, මහා දූෂණ වෘක්ෂය ට දිනපතා, ධරිද්‍රතා පැන් වක් කරමින්, බෙදුම්වාදී පොහොර යොදා සාත්තු සප්පායම් කරති. මොවුන් ගේ අස්වැන්න A කණ්ඩායමයි. ඒ අතර, A කණ්ඩායමෙන්, සැපවත් පැලැන්තියට පැන ගැනීමට ඇති කෙටිම ක්‍රමය B කණ්ඩායමට අවතීර්ණ වීමයි. එවැන්නෝ අද පාර්ලිමේන්තුවේ සුලභයි. අයුතු ලාභ ප්‍රයෝජන ලබන ව්‍යාපාරිකයන් ද, වුර්තිකයන් ද B ගොඩේ ඇත. අපරාධ හෙළි වූ විට පමණක් අපි ඔවුන්ව සහ ඔවුන් ගණුදෙනු කළ දේශපාලන පක්ෂ හඳුනා ගත හැකි වෙමු (අර්ජුන් ඇලෝසියස්, නෙවිල් ප්‍රනාන්දු, ශලීල මුණසිංහ, නාලක ගොඩහේවා වැන්නෝ). දෙවියෝ දේවාලයේ වැඩ සිටින බව සත්‍යක් හෝ අසත්‍යක් විය හැක. නමුත් බැතිමතුන්ගේ පඬුරෙන් ජීවත් වන දේවාලේ කපුවා ගේ සාක්ෂිය කෙසේ පිළිගම් ද? එලෙසින් ම B කණ්ඩායමේ සිටින දූෂිත දේශපාලකයා හෝ ඔවුන්ගෙන් යැපෙන්නන් ගේ ප්‍රතිපත්තිමය තර්ක, අර්ථ ශූන්‍ය වන්නේ මේ නිසා ය. B කණ්ඩායමට අයත් වුවත් කිසිඳු පක්ෂයකට ප්‍රසිද්ධියේ සහයෝගය නොදෙන පිරිස් ද සිටිති. කුමන පක්ෂය බලයට ආවත්, සිය ව්‍යාපාරය, හෝ උසස් තනතුර හෝ අයුතු ධනය රැක ගැනීමට උපක්‍රම දන්නා පිරිස්, මෙම දූෂිත දේශපාලන ප්‍රවාහය වෙනස් කිරීමට ප්‍රතිරෝධය දක්වති. මේ අතර, භයානකම පිරිස් නම්, ගරිල්ලා ක්‍රමයට එක්තරා පක්ෂයකට සහය දෙන පිරිස් වේ. මොවුන් ලබන අයුතු වාසි, නොපෙනෙන නිසා මොවුන් මතුපිටින් අවංක ලෙස පෙනේ. මොවුහු පවතින දූෂිත ප්‍රවාහය වෙනස්වනවාට අකමැති සේම, එක් පක්ෂයක ප්‍රතිපත්ති වෙනුවෙන් සියුම් ලෙස පෙනී සිටිති. මෙම ලිපිය ප්‍රථමයෙන් ම ප්‍රතික්ෂේප කරන්නේ B කණ්ඩායමයි.

C: මා ඇතුළු මා දන්නා හඳුනන බොහෝ නෑදෑ, හිත මිතුරුන් මෙම කණ්ඩායමට අයත් වේ. අපි දේශපාලන පුද්ගලික වාසි වලින් සහමුලින් ම වියුක්තව, සුවකීය දහදිය මහන්සියෙන් ජීවත් වෙමු. මෙම කණ්ඩායමේ සාමාජිකයන් උසස් පෙළ සමත්, නගරාසන්න සහ නිතර ප්‍රවුර්ති, සමාජ ජාලා පරිහරණය කරන පිරිසකි. අහස උසට ජීවන වියදම, දරුවන්ට හොඳ පාසල්, දෙමාපියන්ට යන බෙහෙත් වියහියදන්, දෛනික මාර්ග තදබද, අවනීතිය, මෙම කණ්ඩායමට ඇති පොදු ප්‍රශ්න වේ. නමුත් අපි අතර බොහෝ දෙනා, එක්තරා දේශපාලන පක්ෂයක් වෙනුවෙන් පෙනී සිටිති. අපේ පක්ෂය බලයට පැමිණි විට අමුතු මානසික තෘප්තියක් දැනෙනු ඇත. එම පක්ෂයේ වැරදි අනෙක් පක්ෂයේ වැරදි තරම් ලොකුවට නොපෙනේ. Whataboutism න්‍යායෙන් සිය පක්ෂයේ දූෂණ, අඩුපාඩු සාමාන්‍යකරණය (generalize) කිරීමට පෙළඹෙති. පසුගිය වසර 4 දී සිදුවූ දෑ, හෙළි වූ දෑ එරෙහිව අප අතරින් පිරිසක් D කණ්ඩායමට තල්ලු වෙමින් ද පවතියි.

එම මානසික තෘප්තිය පිටුපස ඇති හේතු සාධක පිළිබඳව මින් අනතුරුව සොයා බලමු.


පෙනෙන කඳවුරු දෙක

කලක අහිංසක බෙන්ජමින් ලා තෙරේස ලා වූ අප අද, එකිනෙකා පෙන්නන්න බැරි, දරුණු විරසකයකට පත් වී ඇත. සිංහල ලෙස සමාන වුවත්, සිංහල-බෞද්ධ ලෙස සමාන වුවත් වුවත්, සිංහල-බෞද්ධ-ගොවිගම ලෙස සමාන වුවත් ද ඒ ඒ පුංචි ජන කොටස් තුල පවා බැලූ බැල්මට පෙනී යන ප්‍රධාන කඳවුරු දෙක මෙසේ ය.

  1. රට රකින, රට පාවා නොදෙන පිල. මෙම පිල දකින ආකාරයට, රට සුරකින එකම ගැලවුම් කරුවා මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහු නම් කරන අනුප්‍රාප්තිකයෙකි. එම පිල හොරකං කලත් රට පාවා දෙන්නේ නෑ කියා මොවුහු විශ්වාස කරති. බටහිර සමාජ ක්‍රම, ඊනියා වැදගත් කම මොවුහු හෙළා දකිති. දෙමළ, මුස්ලිම් ජන කොටස් අතර මෙම පිල ජනප්‍රිය නැත.
  2. සංහිඳියාව, ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස අගය කරන පිරිසකි. සියලු ජන සමාජ සමාන අයිතිවාසිකම් ලබා සමාදානයෙක් සිටියයුතු බව මොවුහු පිළිගනිති. හොරකං කලත් UNP පක්ෂයක් යටතේ මෙම සංහිඳියාව ට අනුග්‍රහය ලැබේ යන විශ්වාසය මොවුන් තුල ඇත. “වැදගත් කම”, උගත්කම, ඉංග්‍රීසි බසේ නිපුණත්වය මෙම කොටස අගය කරන ලක්ෂණ වේ. ‘සිංහල කම’ ලැජ්ජාවක් සේ සලකන පිරිස් මොවුන් අතර සිටිය හැක. කොළඹ දෙමල, මුස්ලිම් පිරිස මේ ගොඩද අයත් වේ.

නැවත පසක් කරන කාරණයක් නම් මා මේ කතා කරන්නේ ඉහත C-කණ්ඩායම ගැන ය. මොවුහු මහන්සියෙන් හරිහම්බ කරන, සැබවින්ම රට ට ප්‍රේම කරන, අසීමිත බදු ගෙවන පාරම්පරික සිංහල ජනතාවකි. නමුත්, පෑහිය නොහැකි කඳවුරු දෙකකට මොවුහු ඉහත අතුරින් බෙදී සිටිති. ප්‍රශ්නය: ඇයි?


ධ්‍රැව යට ඇති ඉරි තැලුණු පතුළ

මා හැදී වැඩුනේ සිංහල, දෙමල, මුස්ලිම් අසල්වාසීන් ගෙන් සපිරි වත්තල ප්‍රදේශයේ ය. හවසට අපි සෙල්ලම් කරන්න යද්දී අසල්වැසියන් හඳුනාගත්තේ සිංහල, දෙමල වශයෙන් නොව, වැඩියෙන් පුළුවන් බැටින් ද බෝලිං ද යනුවෙනි. ක්‍රිකට් වලින් ආරම්භ වූ අපේ හිතවත්කම් කාලයත් සමඟ සදාකාලික මිතුදම් බවට පරිවර්තනය වූයේ නිරායාසයෙනි. අපි ඔක්කොම ආස කලේ මල් සීයයක් අතරින් එකම මල ට ය; වෙසක් එකට දන්සැල් දුන්නේ එක මිටියට ය; නත්තල ට ගෙයින් ගෙට ගොස් ගීතිකා ගැයුවේ එකට ය; ආවේ ගියේ එකම බස් කෝච්චි වල ය; කෙටියෙන් කීවොත් ජාති, ආගම්, කුල භේද වලින් උපතින් අප වෙන් වූවත් අපිට තියෙන්නේ එකම ආසාවන්, අභියෝග, එකම කම්කටොලු බව අප දැන සිටියේය. අප අතර සිටි දෙමළ, මුස්ලිම් යාලුවන්ගේ ආකල්ප, විග්නේශ්වරන් ල ශ්‍රීධරන් ල ට වඩා, මුරලි ලා, කදිරගාමර් ලා ට සමාන විය. මේ පරිසරය තුල හැදුනු මම ජාති ආගම් අතර සංහිඳියාව, සබැඳියාව සහ සමානාත්මතාවය ඉතා අගනා කොට සලකමි.

නමුත් කිලිනොච්චියේ, වන්නියේ සිට කිසි දවසක සිංහල කෙනෙකු නොදුටු සහෝදර දෙමළ පිරිස් ද, බෙලිඅත්තේ හෝ පරකඩුවේ සිට එන කිසි දවසක් දෙමළ හෝ මුස්ලිම් ජාතිකයකු ළඟින් ඇසුරු නොකරපු සිංහල සොයුරෝ ද මට විශ්වවිද්‍යාලයේ දී මුණ ගැසුණි. මිශ්‍ර ජාතික අත්දැකීම, නගරාසන්න පාසල් වල දරුවනට ඉතා පහසුවෙන් ලබා දිය හැකි වුවත්, ලංකාවේ පාසල් පද්ධතිය ජාති, ආගම් වලට බෙදා ඉගැන්වීමෙන් මෙම මහඟු අවස්ථාව අවාසනාවන්ත ලෙස මඟ හැරී යයි. සියලු ම පාහේ ජනප්‍රිය පාසල් ගෑණු සහ පිරිමි ලෙස බෙදා වෙන් කර ඉගැන්වීම අප පාසල් අධ්‍යාපනය වසර 200 ට අධික යල් පැනගිය එකක් බව තහවුරු කරන එක් සාක්ෂියකි. මෙවන් වටාපිටාවක හැදෙන වැඩෙන දරුවන්ට අනෙක් ජාති ආගම් ගැන සිත් වල ඇත්තේ චකිතයක් සහ විචිකිච්චාවකි. මෙවන් වටපිටාවක් තුළ, ඉතා සියුම් උත්ප්‍රේරකය යොදා ජාතිය වෙන් කර සිතීමට හැක. අද බොහෝ සහෝදර ශ්‍රී ලාකිකයෝ බෙදුම්වාදීව සිතන්නේ උවමනාවෙන් ම හෝ, ඔවුහු ජාතිවාදී හෝ ලේ පිපාසිතයෝ නිසා නොව, ස්වභාවික මිශ්‍ර-ජාතික අත්දැකීම් නොමැති නිසා ය. එය ඔවුන් ගේ වරදක් නොව, සිතා මතා බෙදා වෙන් කර නිර්මාණය කල සමාජ නිර්මාණකරුවන් ගේ අභිප්‍රායකි.

ශිෂ්‍යත්වයෙන් ඉතා සුළු පිරිසකට නගරාසන්න ජනප්‍රිය පාසල් අතලොස්ස්සකට ඇතුලත් වීමේ හැකියාව තිබ්බද, අති බහුතර ලාංකීය දුවා දරුවනට, ගණිතය, ඉංග්‍රීසි වැනි අධ්‍යාපනය ඉතා සුඛෝපභෝගී විෂයන් බවට පත්ව ඇත. එම නිසා, ‘වැදගත්-අවැදගත්’, ‘ශීලාචාර-අශීලාචාර (mannered vs. ill-mannered)’, ආත්ම විශ්වාසය ඇති-නැති ලෙස අප වෙන් වෙන්නේ තමා විසින් නොතෝරාගත් දෙමාපියන්ගේ වත්කම් අනුවයි. මේ නිසා ධනවත් පවුල් තවදුරත් ධනවත් වන සහ දුප්පත් පවුල් තවදුරටත් දුප්පත් වන විෂම සමාජ ක්‍රමයක අපි ජීවත් වෙමු. ලාංකීය බෙන්ජමින් ලා කිසි දවසක තෙරේසා ලා සමඟ දුව පැන ඇවිද සෙල්ලම් කර නැත. තෙරේසා ලා ගේ පාසල් අධ්‍යාපනය ප්‍රාථමික අවධියෙන් ම නිම වන අතර ඔවුහු බෙන්ජමින් ලා ට හිමි ඇඟලුම් කර්මාන්තයේ සේවය සඳහා කොළඹට පැමිණෙති. තෙරේසා ලා ගේ සිත් වල බෙන්ජමින් ල ට එරෙහිව පැන නැගෙන සියුම් ඊර්ශ්යාව, තෙරේසා ලා ගේ වරදක් නොව; එය සම්පත් විෂම සමාජ නිර්මාණ කරුවන්ගේ අභිප්‍රායයි.

සැකෙවින් අප ප්‍රධාන පක්ෂ දෙකකට අද ධ්‍රැවී කරණය වී ඇත්තේ, ශ්‍රී ලංකාවේ අසමසම ලෙස බෙදා වෙන් වී ඇති ආර්ථික පන්ති භේදය නිසා සහ පද්ධතික (systematic) හා ක්‍රමානුකූල ජන වාර්ගීක බෙදුම්වාදය නිසා ය.


ගින්න අවුලන IT පිදුරු

මෙලෙස බෙදුම්වාදීව සිතන පතන සමාජය තව දුරටත් බෙදන්න ට නවීන සමාජ ජාල ඉතා සූක්ෂමව ක්‍රියාත්මක වේ. උදාහරණයක් ලෙස ඔබ ගම්මන්පිල ගේ කතාවක් youtube හෝ facebook එකේ ඉඳහිට සොයා අසන්න පුරුදු වූයේ නම්, ඔහු හා සම මතදාරී කථිකයන්ගේ කතා වලට like කරන්නේ නම්, ඉතා ක්ෂණයකින්, ඔබගේ newsfeed එකට ප්‍රේරණය වී එන්නේ රාජපක්ෂ පාර්ශවයට ලැදි කතා පමණි. මෙය නොදැන වන නිසා කාලයත් සමඟ ඔබ නොදැනුවත්වම රාජපක්ෂ මතවාද වලට එකඟ වන්නට පෙළඹේ. ඔබ මුල සිට එම පිලේ මත ගරු කලේ නම්, කාලයත් සමඟ, ඔබගේ මතවාද, දැඩි මත බවට පරිවර්තනය වේ. මීට අමතරව මුදල් ගෙවා කරනු ලබන සූක්ෂම ගරිල්ලා මාකටිං ක්‍රම ඊටත් වඩා භයානක බව අවධාරණය කිරීම වටියි. සමාජ ජාලා ඔස්සේ පසුගිය දශක දෙකේ දී ඇමෙරිකානු එක්සත් ජනපදයේ සමාජ ධ්‍රැවීකරණ (polarization) පිළිඹඳ මෙතනින් කියවාගත හැක.


එතකොට කව්ද හොඳ?

පසු ගිය දින පාර්ලිමෙන්තුවේ ගහ මරාගතේ, රටේ දුවා දරුවන් 50% ට ආසන්න පිරිසක් ගණිත ගුරුවරු නැතිව සාමාන්‍ය පෙළ අසමත් වෙද්දී, දේශපාලකයාට සොඛෝපභෝගී රථ වාහන සඳහා පරිපූරක ඇස්තමේන්තු සභාගත කරන අවස්ථාවේ දී නොවේ.. ඔවුන් එසේ කෝලහාල කරගත්තේ, ළමා මන්දපෝෂණයෙන් අප දේශය දකුණු ආසියාවේ අංක දෙකට පැමිණි කල දේශපාලකයා ගේ පඩි වැඩි කරගැනීමට එරෙහි ව නොවේ.

Corrupt Democracy

ජාතිය, ආගම රැක ගැනීමට එක් පක්ෂයකට අවංක උවමනාවක් ඇත්නම්, පාසැල් පද්ධතියේ විෂමතා අවම කිරීමට අධ්‍යාපනයට ආයෝජනය කල විට එහි වැඩි ප්‍රතිලාභ ලැබෙනේ බහුතර ජාතියට ය. බුද්ධ ශාසනය රැකෙන්නේ බෞද්ධයා උසි ගැන්වීමෙන් නොව, බෞද්ධයාට අවබෝධය ලබා ගැනීමට උචිත නිවහල් පරිසරයක්, නිදහස් කාලයක් ලබා දීමෙනි. නමුත්, අධික ජීවන වියදම, වාහන තදබද අතර, බෞද්ධයා අද වැඩි කාලයක් ගත කරන්නේ මහා පාරේ ය. දූෂිත දේශපාලකයා ගේ තවත් උප්පරවැට්ටියක් නම් නීතිය සහ අධිකරණ පද්ධතිය වල් වැද්දීම. මෙවිට එක ජාතියකට අසාධාරණයක් සිදු වූ විට, ජනයා දිව එන්නේ පොලිසියට නොව ජාති, ආගම් මුල් කරගත් දේශපාලන නායකයන් දෙසට ය.

බෙදා වෙන් වූ සමාජයට බිල්ලෝ පෙන්වා ඡන්දය යදින රාජපක්ෂ පිල, මිශ්‍ර ජාතික අත්දැකීම ඇත්තන් ඉදිරියේ විකටයෝ බවට පත්වේ. ඒ අතර, සංහිදියාව මුල්කරගෙන දොරට වඩින UNP පිල, කිරි දියෙන් වෙන් කරගන්නා සේ පහසුවෙන් වෙන් කරගත හැකි බව මතුපිටින් පෙනේ. නමුත්, පිදුරු බිස්ස අසල පැල් රකින ගොවියා ගේ උණුසුම වෙනුවෙන් ගිනි මැලයක් පත්තු කරන්නාක් මෙන්, ජාති අතර සුවිසාල බෙදීමක් ඇති වාතාවරණයක, දෙමළ සහෝදර ජනතාවට ‘සාධාරණය’ ඉෂ්ඨ කිරීම මහා ගිනි ඇවිලීමක මුල් පියවර විය හැක. මා දකින අයුරින්, සංහිඳියාවේ ආරම්භය, පාසලයි. ආගම්, ජාති වලට වෙන් වූ පාසල් වල 30% ක් වත් අන් ජාතීන් ඇතුලත් කරගත යුතු යයි මගේ අදහස. එමෙන් ම, පාසල් වල ආගමික අධ්‍යාපනය අදට වැඩ ගැඹුරෙන් සහ අර්ථාන්විතව ඉගැන්වියයුතු ය.

ප්‍රතිපත්ති කාරණා කෙසේ වෙතත්, යහපාලනය මුවාවෙන් බලයට පැමිණ, ඉතිහාසයේ සියලු වාර්තා බිඳ දමමින් කල වංචා දූෂණ වලට UNP ප්‍රමුඛ පිලට කිසි දිනක සමාව ක් නොදිය යුතුය. ‘වැදගත් කම’ අගය කරන කොළඹ අවට UNP පාක්ෂිකයන් ගෙන් මා අසන්නේ අර්ජුන් මහේන්ද්‍රන් ගැන මෙවැනි අතිශය චරිත සහතික වීමකින් පසු බැඳුම්කර වංචාව හෙළි වූ වහාම සිය අගමැති තනතුරෙන් ඉල්ලා අස්නොවූ, පාද සටහන් සහ වෙනත් උප්පරවැට්ටි හරහා වංචාව යට ගසන්න උත්සහ කල රනිල් වික්‍රමසිංහ ඇතුළු UNP නායකයෝ ඔබ ගේ නිර්ණායක අනුව, තවමත් මහත්මා, වැදගත් දේශපාලකයෝ ද?

හොඳ අය කව්රුන් දැයි කිව නොහැකි වුවත්, දූෂිතයෝ දැන් අපි හඳුනාගෙන ඇත. වෙනසේ ආරම්භය C කණ්ඩායමෙන් සිදු විය යුතුය. අවබෝධය එහි පළමු පියවරයි.


කෙටියෙන්

අපි, ජාති, ආගම් පන්ති ලෙස නොබෙදී, මුහුණ දී සිටින සැබෑ පොදු ප්‍රශ්න අනුව බෙදුනොත්, අද 5% ට 95% ලෙස කොටස් දෙකක් හඳුනාගත හැකි වනු ඇත. එක් පිරිසකට සිය දරුවන් ට පාසල්, සෞඛ්‍ය, උසස් අධ්‍යපන-විශ්විද්‍යාල, රැකියා, වාහන තදබද, රිය අනතුරු, ජීවිත තර්ජන, අධික බදු බර, ජීවන වියදම වැනි ප්‍රශ්න නැත. විදේශ චාරිකා, පොලිස් රැකවරණය, නැමුනු නීතිය, ගරු නම්බු නාම, VIP passport ඇත. එම පිරිස අතර මහින්ද රාජපක්ෂ, රනිල් වික්‍රමසිංහ, සිරිසේන, විමල්, සම්බන්ධන්, හකීම්, බදුර්දීන්, පාඨලී රණවක, රවී කරුණානායක, ප්‍රසන්න රණවීර ඇත. ඔබත් මමත් නැත.

ගෙදර ගියත්, මඟ හිටියත් – කොහොමත් නැසෙන ජනාධිපතිවරණය 2019

ගෙදර ගියත්, මඟ හිටියත්, කොටින්ම පන්සල්-පල්ලි ගියත් නසින රටක්.. අපි ට ඉතුරු උනේ කොහොමද මිත්‍රවරුනි?

තව චන්දයක් ඇවිල්ලා. තව දවස් තුනෙන් ලංකාවේ මීළඟ දිශානතිය තීරණයක කරන්න ඔබට නැවත දවසක් ඇවිල්ලා..  එහෙම හිතන අය, බලාපොරොත්තු කුඩු කරගන්නේ නැතිව  ඔබේ බ්‍රව්සරයේ ඉහල දකුණු කෙලවරේ X ලකුණ ඔබන්න.

ප්‍රධාන team දෙකයි පොඩි team දෙකකුයි ඉන්නවා. ගෝටාබය හෝ සජිත් කියන්නේ ලොකු  team වල නම් පමණයි. එතන, වේගවත් පිතිකරුවෝ ඉන්නවා. ඔලු ගැලවෙන්න වේග පන්දු දාන අය ඉන්නවා, team එකේ හිටියට නොහිටියනං හොඳයි කියල හිතෙන උන් ඉන්නවා. team එකේ බොක්ක දෙන්න වගේ හිටියට match-fixers ල ඉන්නවා. තව පිට්ටනියට බහින්නේ නැති, හැබැයි balcony එකේ ඉදන් බලන් ඉන්න coach ල ඉන්නවා.. ඔතනින් බයානක ම balcony එකේ වත් නැති.. sponsors ල. Cricket match එකක නං sponsors ලගේ නම් team t-shirt එකේ ගහනවා.. කුරුවල් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී රටවල, campaign එකට සල්ලි එන්නේ කොහෙන්ද අපි දන්නේ නෑ. අර්ජුන් ඇලෝසියස් ලා, නෙවිල් ප්‍රනාන්දු ලා  ඇතුළු ලොකු පොඩි ගේම් කාරයෝ දෙපැත්තටම සල්ලි දානවා. මොකද ඒක උන්ගේ business එකට කරන ආයෝජනයක්. විදේශ ආණ්ඩු, NGO වලින් දෙන අල්ලස් එහෙම අපිට කල්පනා වෙන්නේ.. අවුරුදු ගානක් ගියාට පස්සේ.

කමක් නැ.. ළිඳට වැටිච්ච එකා ළිං කටෙන් ම ගොඩ එන්න එපා යැ. චන්දෙ කියන්නේ, මම අත්විඳින ප්‍රශ්න විසඳගන්න මම දේශීය තලයෙන් ගන්න ප්‍රධානම තීරණයයි.  එතකොට අපිට තියෙන ප්‍රශ්න මොනාද? 1948 න් පස්සේ, අපි රටක් විදියට, ජන කොට්ටාසයක් විදියට, අපේ ජීවිතයේ quality එක වැඩි කරගෙනද? අපේ කාලය (වෙන විදියකින්, ජීවිතය) ගත කරන්නේ අපිට ඕන, කැමති දේ කරන්න ද?

නාගරික මධ්‍යම පන්තියට  දැනෙන ප්‍රශ්න ටිකක් පහත රූපයේ තියෙනවා..

කෝච්චර පෝර දැම්මත් ගෙඩි එන්නැති ගහක් වගේ.. මොන චන්ද තිබ්බත්, ඔය උඩ තියන ප්‍රශ්න, කම්කටොලු ටික අඩු වෙනවා වෙනුවට වැඩි වෙන්නේ ඇයි?

iceberg_issues

මට පේන විදියට, ලංකාවේ තියන ප්‍රශ්න, අඩු පාඩු ඉපදෙන්නේ.. යට ගැඹුරේ තියෙන ප්‍රධාන උල්පත් කරුණු 4 ක් නිසා. ඒවා නම්;

    1. තනි අනන්‍යතාවය නොමැති ජාතියක්
    2. මුල් නැති අධ්‍යාපනයක්
    3. අපි නොඉල්ලපු ප්‍රජාචන්ච මොකද්ද එක
    4. මුරබල්ලන් බලු කුජීත වීම

01. ජාතික අනන්‍යතාවය නොමැති ජාතියක්

Ladies college යන ටානියායි, ගැටහැත්ත ජාතික පාසලට යන තුෂාරී, කාතන්කුඩි මුස්ලිම් පාසලේ ඉගෙන ගන්න සුමෙයියා යි, වව්නියාවේ රාධක්‍රිෂ්ණා හින්දු පාසලේ වත්සලා යි ශ්‍රී ලංකාව කියල හඳුනා ගන්නේ එකිනෙකට හාත්පසින් වෙනස් කතාවක්. වැඩියේ ඕනේ නැ, කොළඹ මරදානේ වර්ග කිලෝමීටරයක් ඇතුලේ තියෙන ආනන්දේ, සහීරා, St. Joseph ගත්තම ළමයි න් ලංකාව කියල හඳුනාගන්නේ තුන් රටක්. පාලන-ප්‍රභු පන්තියේ පිරිස් ඉන්නේ සුදු අධිරාජ්‍ය මනසින්. ගමේ සිංහල මිනිහා ඉන්නේ දුටුගැමුණු රජ සමයේ. යාපනේ දෙමළ මිනිහා ඉන්නේ එළාර රජ සමයේ. සිංහලේ පියා, ජාතියේ මහා අප්පච්චි පවා, තම පුතාල දුවලව යැව්වේ ඉංග්‍රීසි ඉස්කෝල වලට මිසක් ආනන්දෙට, විසාක එකට නෙමේ.

එකම එක අනන්‍යතාවයක් මිලියන 22 ට හදල, ඔලුවට කවල.. අපි මිලියන 22 ම එක රටක දරුවෝ කියල පපුවට ගහගෙන ජාතික ගීය කියන්න පුළුවන් වෙන්න ඕනේ. දෙමළෙක්, මුස්ලිම් මනුස්සයෙක් පීඩාවට ලක් වෙද්දී, සිංහලයින් ට ඇඩෙන්න ඕනේ (දුකට). ඔකේ vice versa එක වෙන්නත් ඕනේ.  අපේ රට වගේ බෙදුණු ජාති හිටියට සිංගපූරුවේ, ස්විට්සර්ලන්තයේ මිනිස්සු න් ගේ ජාතික හැඟීම දැක්කම කඳුළු එනවා. ඒකයි, සිංගපූරුවේ 15% ක් වෙච්ච මැලේ ජාතිකයන් ගේ බාසාවෙන් 76% ක් වෙච්ච චීන බාශිකයෝ ඇතුළු සමස්ත සිංගප්පූරු ජාතිකයෝ ම හීන මානයක් නැතුව ජාතික ගීය ගයන්න පුළුවන් වෙලා තියෙන්නේ.  මේ මගේ රට කියල හිතුන දාට,  එතනින් බිහි වෙන ජනතාව, තම රට සමූහ දුෂණයකට ඉඩ තියන්නේ නැ. බිහිවෙන නායකයෝ, සේවකයෝ එකා මෙන් කැක්කුමෙන් වැඩ කරනවා. හැබැයි එතන මිලියන 22 ම ඉන්න ඕනේ. අනන්‍යතාවය සමස්ත ජාතියටම මහා පොදු සාධකය වෙන්න ඕනේ. අපේ නිදහසේ පියා ඇතුළු පළමු අවුරුදු පහළොවේ පාලකයන්ට ඒක මඟ අරුනා.. එකේ ප්‍රතිපලයක් ලෙඅ අපි අද ගිනියම් ඉර යි, සඳ සිසිලසයි මැද හොයනවා අපි කවුරු ද

02. බටහිරට මුල් ඇදුනු අධ්‍යාපනය

පොඩි උදාහරණයක්: ඇමරිකාව හොයා ගත්තේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් කියල O/L අච්චු පොතේ තිබ්බ මට මතකයි. ඔව්, ඒක හරි. බටහිර යුරෝපිකයන් අතරින් ඉස්සෙල්ලම ඇමරිකානු මහද්වීපයට ගිහින් තියෙන ප්‍රසද්ධ ම කෙනා එතුමා. නමුත් ඔහු යද්දී, කළු, සුදු මිනිස්සු ඉඳල තියෙනවා.. ඒ කියන්නේ කොලොම්බස් හොයාගෙන තියෙන්නේ, තව කට්ටියක් කලින් හොයාගෙන තිබුන එකක්. ලංකාවේ අදටත් තියෙන්නේ, එංගලන්තේ වත් නැති, සුදු අධිරාජ්‍යය කේන්ද්‍ර වුන අධ්‍යාපන ක්‍රමයක්. අධ්‍යාපනයේ භාෂා ප්‍රතිපත්තිය තියෙන ඛේදනීයත්වය මෙතනින් කියවල බලන්න.  ජාතියක කඩා වැටීමේ ආරම්භය, අධ්‍යාපනයේ කඩා වැටීමයි.

මහ පාරේ රියදුරන් ගේ අසංවරත්වය, වෙලාවට වැඩක් කිරීමට ඇති නොහැකියාව, අන් ජාති දෙස බලන පහත් දෘෂ්ටිය, මිත්‍යා-සාස්තර කාරයන් ගේ ජනප්‍රියත්වය, දවසකට හොර රහසේ වෙන ගබ්සා මරණ ගණන (>600), පහත් ගීත, කලා නිර්මාණ සහ රුචිකත්වය අපේ අධ්‍යාපනයේ කඩා වැටීමේ බාහිර දර්ශකයි.

03. ප්‍රජාචන්චේ

පරංගින් ගෙන්, ලන්දේසි කාරයන් ගෙන්, බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස් වන සටන් අහල තියෙනවා. නමුත්, අපේ මුතුන්මිත්තන් ට රාජාණ්ඩුව එපා.. ජනතාවගේ රජයක් (ජනරජයක්), ප්‍රජාවගේ පාලනයක් (ප්‍රජාතන්ත්‍රවාදය) ඕනේ කියල හර්තාල්, විප්ලව කරපු හෝ අඩුම ගානේ ඉල්ලීමක්, කතා බහක්, වාදයක් වත් තිබ්බ කියල අහල නැ.

අපි නොඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදයක අපි අද කොටු වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය සුන්දර, යුරෝපීය සංකල්පයක්. නමුත් ඒක කකුල් හතරක මේසයක් වගේ. කකුල් (ප්‍රධාන අංග) හතර එක උසට නොතියෙන තාක් කල්, ප්‍රජාතන්ත්‍රවාදය තරම් අසාර්ථක ක්‍රමයක් ලොවෙත් නැ.

මං අද ජීවත් වෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ලොව සාර්ථකම ප්‍රජාතන්ත්‍රවාදය තුළය. එය හොඳින් හැදෑරීම සඳහ මම මෙහෙ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුනා. ඒ හරහා මට තරුණ සහ ප්‍රවීණ දේශපාලකයෝ ඇසුරු කරන්න අවස්තාව ලැබුන. මේ අභාෂයෙන් මට දැන් තේරෙන්නේ ලංකාවේ තියෙන්නේ කකුල් කැඩිච්ච ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒක මර උගුලක්. 

තනි අනන්‍යතාවයක් නැති ජාතියක්, මුල් සිඳගත් සමාජ-අධ්‍යාපන ක්‍රමයක් තුල හැදිලා වැඩිලා, චන්ද පෙට්ටිය ගාවට ගිහින් ජාතික තීරණයක් ගන්නේ කොහොමද? ඕක අස්සේ, එක කට්ටියක් ජාතිකත්වය විකුණන් කනවා, අනිත් උන් සංහිඳියාව විකුණන් කනවා.

04. මුර බල්ලන් කුජීත වීම

ජාතියේ මුරබල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා හැමෝටම තදට, සැරට ඉන්න තරමට ඒ ජාතියේ හික්මීම තීරණය වෙනවා. එක: ජනමාධ්‍ය, දෙක: නීති-අධිකරණ පද්ධතිය. ඔය දෙක ලංකාවේ කොතනද තියල තියෙන්නේ කියලා මං කියන්න ඕනෙ ද?


සජිත් ට පුළුවන්ද?

සජිත් කියන්නේ කටේ කෙල විසි වන ගානට බොල් පොරොන්දු දීලා, පිටට තට්ටුවක් දාල, නොතේරන මිනිස්සුන්ට බලාපොරත්තු දෙන්න පුළුවන් මහින්ද-style ආකර්ශනීය දේශපාලකයෙක්. ගමයි නගරයයි එකතු කරගෙන ඉන්න පුළුවන් කලාතුරකින් එන දක්ෂයෙක්.. ත්‍රස්තවාදීන් පවා එකතුයි. එච්චර ආකර්ශනීයයි.

කව්ද සජිත් ගේ team එකේ ඉන්නේ? සිංහල අන්තවාදීන් ගෙන් පාඨලී විතරයි ඉන්නේ.. චූටි  වෙස්මූනක් දාගෙන. ඔක්කොම මුස්ලිම්, දෙමල අන්තවාදීන් ඉන්නේ එතන. බෝම්බ ගහල,  අහිංසක නිරායුධ දරු පවුල් සිය ගණනක් මරලා,  මළමිනි ගණන් කරලා ඉවර වෙන්නත් කලින්, suspects ල release කරන්න බලපෑම්/ඉල්ලීම් කරපු එකා ට එරෙහිව.. හිටගන්න  බැරි වෙච්ච සජිත් ට, රටේ ම  යුක්තිය, ගැලවීම වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ද?

කුලියාපිටිය පැත්තේ අමු අමුවේ මුස්ලිම් වෙළෙන්දෙක් ව මරල, පල්ලි, ගෙවල් වලට ගැහැව්වයි කියල 50 ක් විතර arrest කරා. උන් ව මෙහෙයවපු මහමොළ හෙළි කලේ නැත්තේ ඒවා මෙහෙයවල තියෙන්නේ UNP ආණ්ඩුවෙන් ම නිසා ද? කොහොමද මෙහෙව් උන් සංහිඳියාව වෙනුවෙන් පෙනී ඉන්නේ??


ගෝටා 2.0 කොහොමද?

යම් කිසි scope එකක වැඩක් කරපු, පොත පත කියවන, technology වලට හිත තියෙන, රට ලෝකේ දැකපු, හමුදා නායකයෙක්. ගෝටා 2.0, original ගෝට ට වඩා, නිතර සිනාමුසු මුහුණින් ඉන්න, මටසිලුටු, නිවිච්ච චරිතයක් වගේ rebrand කරලා තියෙන්නේ. 

ගෝටා ගාව දෙමල, මුස්ලිම් අන්තවාදීන් නැ. කොටින්ම, දෙමල, මුස්ලිම් කිසිම ජනතා නියෝජිතයෙක්  නැ. ඉන්නේ සුපුරුදු සිංහල අන්තවාදීන් ටික විතරයි.

සිල් ගත්ත හාවෝ වගේ රටවැසියා තියාගන්න, ගෝටා ඉස්තරම්.. ලංකාව රාජාණ්ඩුවක් නම්. කරුමෙට ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී රටක්, මිත්‍රවරුනි. සමහර මිනිස්සු ආසයි විවේචනය කරන්න. සමහර අය ආසයි වැරදි දේට වැරදි කියන්න. ඒක ජනරජයක අනිවාර්ය සාධනීය අංගයක්. ඒවා ගෝටා ට ඔරොත්තු දෙයි ද නැත්තං පස් වල නැවත රතු තැවරෙයි ද? අනික සිංහල හැරුණු කොට තවත් ජාතීන් මේ පිංබිමේ ඉන්නවා පිංවතුනි. චන්දෙ ට කලින් ම, ගෝටා, සිංහලය ගේ පමණක් රජ ලෙස ඔටුනු පැළඳගෙන ඉවරයි. 

එතකොට ගෝටා ගෙ team එකේ 2015 ට කලින් විජ්ජාව මෙතනින් කියවා ගන්න.  team එක කොච්චර කුජීත උනත් එතන දැනුම තේරුම තියෙන මිනිස්සු රැස් වෙලා ඉන්නේ, වෙන මුකුත් නිසා නෙමේ, ඒකීයත්වය වෙනුවෙන්, 13 ට එරෙහිව.  13 ට එරෙහිව තනියෙන් හිටගත්, බයි ප්‍රජාව දේවත්වයෙන් සලකන, හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුතුමකු වන රාජා වනසුන්දර ගේ අර්ථකථනයට අනුව 13 ප්‍රයෝගිකව, සුමටව අහෝසි කරන්න පුළුවන්  (ඒකීයත්වය ගලේ කොටන්න පුළුවන්),  දුර්ලබ, ස්වර්ණමය වාතවරණක් තුලදී පමණයි. එවැනි වාතාවරණයක් යනු රාජ්‍ය සුවිශේෂී ලෙස බලවත් වී සහ රටේ සුවිශේෂී අවස්තාවක් නිර්මාණය වීම. යුද්දේ දිනලා, 2/3 දින්නට පස්සේ  ඔය දෙකම මහින්ද මහත්තයා 2010 දී උදා කරගත්තා. (තුවාලෙට bandage එකක් දාල, ලේ ගලන එක නැවැත්තුවා) නමුත් 13 අහෝසි කරා ද? (තුවාලේ, සිංහල ජාතිවාදීන්ට ඕන විදියට සුවපත් කළා ද)  කෝ මේ ගුණදාස අමරසේකර? කෝ මේ නලීන් ද සිල්වා? ගෝට ගේ team එකේ තියෙන්නේ ජාතිකවාදය විකුණන් කන ව්‍යාඝ්‍ර පාරක් ව්‍යාපාරයක්.


විකල්පෙකට දෙන එක practical නෑ

අපි ඔලුවෙන් හිටගත්තත් සජිත් හරි ගෝට හරි තමයි දිනන්නේ (කියල හිතෙනවා). ඉතිං උන් දෙන්නා ගෙන් අඩුවෙන් වැරදි කෙනා ට දෙන එක තමයි practical. අනික තමයි, මම නිකං බුද්ධිමත් වෙලා මගේ චන්දෙ ගෝටා ගෙන් ගලවලා විකල්පෙකට දුන්නට, මගේ facebook ටොයි ප්‍රතිවාදියා ගල වගේ සජිත් මයි… ඒ නිසා.. ගෝටා ගෙන් ගලවන හැම චන්දයක් ම, සජිය ගේ පිල ට plus එකක් වෙනවා වගේ වැඩක් කියන reaction mindset නිසා විකල්පෙට දෙන්නෙත් නැ දෙපැත්තෙන් ම.

විකල්පෙයක් දිනවනවට වඩා ගොන් යෝජනාවක් දැන් මං කරන්න යන්නේ. ලංකාවේ දුප්පත් කමට පොඩි සහනයක්. අපි ලංකාවේ මිලියන 22 ටම කියනවා මාසෙකට රුපියල් 20 ක් පරිත්‍යාග කරන්න. කැමති අයට වැඩිපුර දෙන්න පුළුවන්. ideally අඩුම රුපියල් මිලියන 440 ක් හැම මාසෙම එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන මුදල්, එම මාසෙම දුප්පත් පවුල් දෙදාහකට, ස්ථීර අදායමක් එන වැඩ පිළිවෙලකට ආයෝජනය කරනවා. අවුරුද්දට දුප්පත් පවුල් 25000 ක් ගොඩ දාන්න පුළුවන්.  දැන් ඕක practical නෑ නේ. මිනිස්සු කව්ද රුපියල් 20 දෙන්නේ, ඇරත් දිගටම? අනික දුප්පත් මිනිස්සු, ඔය වැඩේ ට, තමන්ගේ සමුර්ධි යෙන් දෙයි ද?

නමුත් මේ දේ ලංකාවේ ඇත්තටම කෙරෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය හරහා (යම් දුරකට). මාස්පතා නෙමේ සති පතා දුප්පත්, පෝසත් බේදයක් නැතිව මිනිස්සු සල්ලි රු 20 නෙමේ 200 ක් වගේ දානවා තමාට lottery එක ඇදෙන සම්භාවිතාව කොච්චර පොඩි උනත්.

දැනුම තේරුම තියෙන, ප්‍රධාන පක්ෂ දෙක ම වංචා රැවටිලි කාරයෝ කියල හිතෙන මිනිස්සු  තේරුන් ගත්තොත් තමන්ගේ චන්දෙ, අවුරුදු පහකට සැරයක් දෙන පුංචි රුපියල් 20 ක් වගේ.. හැබැයි lottery එක මුළු රටට ම කියලා.. විකල්පේ  ජයග්‍රහණය හිතන තරං දුර තියන කතාවක් නෙමේ.



විකල්පෙකට දෙන එකේ වැදගත් කම

  1. ප්‍රධාන ධාරාවට තමා ගේ ඍජු විරෝධය ප්‍රකාශ කිරීම ප්‍රධාන පණිවිඩයයි. තමා, පාස්කු ප්‍රහාරයේ හෝ දිගන ප්‍රහාරයේ හෝ, දර්ක town,  රතුපස්වල සිද්දි වල ලේ තම අත් වල තවර ගැනීමට සූදානමක් නැ කියන පෞර්ෂය.
  2. නොතේරුණු, වහල් ජනතාවක් විසින් තම තීරණය, චන්ද බලය පාලනය වෙනවා වෙනුවට, තම තීරණය විසින් රටේ පෙර ගමන තීරණයක කරන්න වගකීම ගැනීම.
  3. තුන්වෙනි එක තමයි හොඳම එක. විකල්ප තමයි ලංකාවේ අනාගතය. විකල්ප අතර හොඳ තරඟයක් ඇති වීම, රටට හොඳ දෙයක්. එහෙම වුනා ම, විකල්ප අතර හොඳ විකල්ප ඉස්මතු වෙනවා. මොකද ලැට් පෝච්චියට, සිමෙන්ති කොට්ටෙට ගන්න පුළුවන් චන්ද එතන නැ. විකල්පෙකට වැටෙන හැම චන්දයක් ම, විකල්ප පදනම තවත් ශක්තිමත් කරනවා. එහෙම උනාම,  දේශපාලනයට එන්න බය, නමුත් දේශපාලනයේ ඉන්න ඕන මිනිස්සුත් තව තව එන්න ගන්නවා.

ඔබල දුබලව ඉන්න ලන්කාවට අත්‍යාවශ්‍ය, ඉක්මනින් දෙන්න පුළුවන් සේලයින් ටිකක් 

  1. ප්‍රාදේශීය සභා සිට ජනපති දක්වා සියලු මහජන නියෝජිතයන් සහ පවුලේ අය ගේ සියලු වත්කම් පැය 24 පුරා internet එක ඔස්සේ පාරදෘශ්‍ය වීම (Norway එහෙමයි)
  2. වත්කම් හෙලි නොකිරීමේ දී ලැබෙන දඬුවම හොරු විසින් තවම රු 1000 සීමාවේ තියන් ඉන්නේ. ඕක එක රැයින් රු මිලියන 100 දක්වා වැඩි කිරීම
  3. රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය, ස්වාදීන කොමිසමකින් නියාමනය වීම. එම කොමිසමට දඬුවම් පැවරීමේ බලය තිබිය යුතුය
  4. අන්තර්ජාලය ඔස්සේ වෛරය, ජාතිවාදය ප්‍රවර්ධනය කරන අයවලුන්ට එරෙහිව අඩු ලුහුඬු පනත් සම්පාදනය කර විශේෂ අධිකරණයක් මගින් උපරිම දඬුවම්.

මේ ටික ඇතුළු, අර පතුලේ තියන කරුණු වලට අමතන්න පුළුවන් team එක ට ඔබේ චන්දය දෙන්න. එහෙම උනොත් ලංකාවේ අයට ඉන්න හිතෙන, පිට ඉන්න අයට එන්න හිතෙන රටක් හැදෙයි. නැත්තන්, ගෙදර ගියත්, මඟ හිටියත් නැසෙන රටක් ඉතුරු වෙයි.

කොල්ලට බනින්න එපා.. ඌට තාම 24යි

කුසල් මෙන්ඩිස් ව, තනි කරල බනින්න එපා…

කොල්ල හිතේ ආවේගෙට වචනයක් කිව්වා තමයි.. උන්ගේ ගොන් කමට හැම දේම සමාජ මාධ්‍ය වලට මුදා හරිනවා.. හැබැයි මුන් තාම ලාමකයි.

අරජුන ල, අරා ල හැදුනේ, දුලිප් මෙන්ඩිස්-රෝයි-වෙත්තමුණි ල ගේ උරහිස් උඩ හිටගෙන.. අරජුන ල ඊට පස්සේ උර දුන්න සනා-අතපත්තු-වාස්-මුරලි ලට..

ඒගොල්ලන්ගේ සෙවණේ හැදුනා..සංගා-මහේල-ඩිලී-හේරා ල..

මෙතනින් පස්සේ මොකද උනේ..අවාසනාවට දන්වැල කැඩුනා.. ඊට පස්සේ බැටන් එක අතට ගත්තු එවුන් ඒක බිම දැම්ම.. කපුගෙදර, උපුල් තරංග, චාමර සිල්වා ලා මහා රුක් සෙවණේ වැඩ දැම්මට, තනිව ඵල දරන්න ඕනේ කාලේ කොර වෙලා පර වෙලා ගියා.. චන්දිමාල්-තිරිමාන්න යුගල පුහුණු කලේ ඊළඟ සංග-මහේල කියල හිතාගෙන..  කලින් පරම්පරාවේ යෝධයෝ එක්ක මේ දෙන්නව අවුරුදු ගානක් පුහුණු කරා.. නමුත්, තනිව හිටගන්න ඕනේ කාලේ, උන් දෙන්න කොර ගහන්න ගත්ත ළදරුවෝ වගේ. කලින් පරම්පාරාවේ ගැම්ම පොඩ්ඩක් හරි අරන් යන එකෙක්ට හිටියේ මැතිව්ස් විතරයි.. කොහෙද.. ඌ බැලුවොත් ආබාධිතයි.

මේ තත්වේ යටතේ..දැන් ටීම් එකේ ඉන්න පොඩි එවුන්ට හිට ගන්න උරහිසක් නෑ.. ලොකු ටෝටල් එකක් හඹායන්න, ලොකු ටීම් එක්ක හැප්පෙන්න.. කලින් පරම්පරා වලට හිටියා වගේ පතාක යෝධයෝ නෑ.. ආදර්ශෙට ගන්න, මානසික ගැම්මක් ගන්න dressing room එකේ බැටේක් නැ.. පොඩි එවුං ව කෙලින්ම ගැඹුරු මුහුදට අත ඇරිලා තියෙන්නේ..

ක්‍රිකට් කියන්නේ මනාසික ක්‍රීඩාවක්.. විශේෂයෙන්ම පිතිකරණයට ඒක තදින්ම බලපානවා (වත්ත පහල වෙලේ ගහපු අත්දැකීමෙන් කියන්නේ…)

මේ තත්වේ යටතේ කුසල් මෙන්ඩිස් පොඩි කමට සාමාන්‍ය 36 ට වැඩියෙන් තියන් යනවා.. (ගිය අවුරුද්දේ 45+). මේ, පතාකයින් ගේ පහනින් එලිය බලපු ලකුණු නෙමේ.

kusal23022019

කුසල් ල ඕෂද ල ට තනියම ගේම ගැටගහ ගන්න සිද්ද වෙලා තියෙන්නේ.. උන්ට තියන මානසික පීඩනය.. මෙතෙක් කිසිදු කණ්ඩායමකට නොතිබුණු තරම් එකක්. අපි ලෝලීන් විදියට උන්ගේ වචන වල එල්ලිලා උන්ව ගැඹුරු මුහුදේ ගිල්ලවනවද.. නැත්තන් වචනෙකින් හරි දිරි දීල උන්ව ගොඩ ගන්නව ද? 

 

 

සිරිතට නොබොමු බෙහෙත

අපේ පුංචි දියණිය පෙර පාසැල් යාම අරඹා සති කීපයක් යාමට මත්තෙන්, එක් සවසක ඇගේ මුහුණේ මලානික බවක් පෙනෙන්ට තිබුණි. අහාර අරුචියක් ඇති බව තේරුණු නිසා කෑමට ලොකු බල කිරීමක් කලේ නැත. එදිනම සවස හයට පමණ ඇය වමනය කලේ මුළු දවසෙම අනුභව කල දෑ ය. වයස තවමත් මාස 18 ක් පමණ වූ නිසා.. ඇයට කෑම ටිකක් ඉතා අපහසුවෙන් කවා විනාඩි කීපයක් යන්නට පෙර ඒවා ද පිට කළේය. රාත්‍රී දහය වන තුරු වතුර පොදක් වත් නොබීපු ඇය අම්මා ගේ ඔඩොක්කුවේ වැතිරී සිටියේ තද බල වේදනාවකිනි. වහාම රෝහල වෙත පිටත් වූ අපි, හදිසි ප්‍රතිකර්ම අංශය වෙත දිව ගියෙමු.

රෝහලේ හෙදි නිලධාරිනිය, ඔබල දුබලව, දවසටම කිසිම අහරක් ඇඟට නොඇල්ලුනු දියණිය පරීක්ෂා කරමින් කියා සිටියේ.. “හැකි පමණ දියර පොවන්න.. පැය 48 ක් යන තුරු කිසිම බෙහෙතක් දිය නොහැක” යන්නයි.

හෙද නිලධාරිනියගේ මෑණියන් සිහිපත් කරමින් අප ගෙදර පැමිණියේ ලෙඩ වූ දරුවා ට කිසිම බේතක් හේතක් නැතුව ය. එදින රාත්‍රිය පහන් වන තුරු පුංචි දුව බොන වතුර පොදක් පාසා වමනය දැම්මාය. මෙය බලන් සිටීමට නොහැකිව දියණිය ට අනුයුක්ත පුද්ගලික දොස්තර මුණ ගැසුණි. ඔහු ගේ ද ප්‍රතිචාරය ද ප්‍රතිකාර රහිත විය. පැය 30 ක් පමණ ගෙවෙද්දී.. දරුවා.. මහත් සේ අප්‍රාණික විය. මෙවර රෝහලට ගියේ බෙහෙත් ඉල්ලීමට නොව.. යටත් පිරිසෙයින්, දරුවාට සේලයින් හෝ ලබා දී ජීවිතය ට විය හැකි තර්ජනයක් ඇත් නම් එය අවම කරගැනීමටය. සිත් පිත් නැති හෙද නිලධාරිනිය නැවතත් අප ට ඉතා තදින් අවධාරණය කලේ..පැය-48 ක් ගෙවෙද්දී ඇ සුව වේවි යන්නයි. බොන වතුර නැවත පිටාර දම්මන්නේ නම්, දරුවා කැමති ice cream, චොක්ලට්, පැණිරස දෙන්නයි !! ද කීවාය. එම හතරබීරි කතාව අසා ගෙදර යන ගමන් නිසලව සිටි දියණියට අපි සීතල අයිස් පලමක් අරන් දුන්නෙ මු. පැය 48 ගෙවනවාත් සමඟම දියණිය නැවතත් දුව පැන සෙල්ලම් කරමින් සාමාන්‍ය ලෙස අහාර ගැනීම ඇරඹුණි..

රෝගාතුර වීම ඉතාම ස්වභාවික තත්වයකි. එය අස්ථිර මනුෂ්‍ය සිරුරේ ඉතා ස්ථිර ලක්ෂණයකි. මා නොවටහාගත් පැතිකඩ නම්, විශ්මිත ස්වභාවධර්මය විසින් බොහෝ බෝ වන රෝග වලට ප්‍රතිකාර, මනුෂ්‍ය සිරුර තුලින් ම නිපදවීමයි. වෛරස් රෝග කාරක නිසා බෝ වන රෝග වලට (බොහෝ විට කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, හතිය, අතීසාරය වැනි දෑ) එරෙහිව බෙහෙත් නොමැත. දියණිය, පෙර-පාසල් යාම ආරම්භ වීමත් සමඟ අලුත් විෂ බීජ වලට නිරාවරණය වීම නිසා පළමු වසර තුල නිරන්තරයෙන් රෝගාතුර විය. කිසිඳු අවස්තාවකදී පින්වත් නෝවේජියානු වෛද්‍යවරු ඇයට බෙහෙත් නොදුන්හ. ඇය අසනීප වන සංඛ්‍යාතය වසරක් ඇතුලත ක්‍රමයෙන් අඩු වී යනු දක්නට ලැබුණි. ඇගේ වයසත් සමඟ, සිරුරේ ස්වභාවික ප්‍රතිශක්තිකරණය ප්‍රවර්ධනය වීමට ඉඩ දුන් නෝවේජියානු වෛද්‍ය සේවය අපි දැන් ඉහලින් විශ්වාස කරමු.

මා නොර්වේ ට පැමිණ වසර අටක් ගත වන මේ මොහෙතේ පසුගිය වසර අටට කිසිඳු බෙහෙතක් ලබා දී නැත. මෙම කාරණාව පුරාජේරුවක් සේ මා දිනක් පවසන විට අසල සිටි වයෝවුර්ධ කාන්තාවක් පැවසූයේ..ඈ පසු ගිය වසර හතලියක ට ආසන්න කාලයක් බෙහෙත් ලබා නොමැති බවය.

සත්‍ය කාරණය නම්, නොර්වෙජියානුවෝ ලෙඩ නොවීම නොව, ඔවුන් ගේ ලෙඩ සුවපත් කිරීමට සිරුර ට අවසර දී තිබීමයි. සෙම අමාරුවෙන් නිතර පීඩාවට පත් වුනු මා ශ්‍රී ලංකාවේ වෙසෙන කාලයේ දී බෙහෙත් බීවේ නැත.. කෑවේය. වරක් ලංකාවේ සෙමට සිටින ‘දක්ෂතම’ වෛද්‍යවරයා ගෙන් ප්‍රතිකාර ගැනීමට ගිය විට ඔහු මාව සුපරීක්ෂා කිරීමෙන් අනතුරුව වේලකට බෙහෙත් පෙති වර්ග 6 ක් නිර්දේශ කළේය. සෙම සුව වූයේ නැත, කර විය. එසේ බෙහෙත් වලට පුරුදුව අබල දුබල ව සිටි මගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය, නොර්වේ හි පැමිණි මුල් සමයේ, නව විෂබීජ අභියස දණින් සිටගත් වාර ගාන අපමණයි. නමුත් බෙහෙත් නොදී ම සහ ලෙඩ වන ආකාර තේරුම් ගැනීම, වර්තමාන නිරෝගී බවේ වට්ටෝරුව බවට පත්ව තිබේ.

too much medicine2


සුළු ලෙඩකට පවා බෙහෙත් ගැනීමේ විපාක

බොහෝ සුළු ලෙඩ වැළදෙන්නේ මාරාන්තික වේදනාවක් ද කැටුව යි. සැබවින්ම එම වේදනාව ක්‍රමයෙන් පහව යයි. රෝග කාරකය පාපතර වෛරසයක්  නම්, බෙහෙත් අසන්නේ නැත. නමුත් ගුණකුත් නැති අගුණයකුත් ලොකුවට නැති බෙහෙත් ඕනා තරම් ඇත. ඒවායින්..රෝග ලක්ෂණ යටපත් කරනවා හැරෙන්නට ලෙඩේ සුව කිරීමට හැකියාවක් නොමැත. නිකරුනේ බෙහෙත් ගැනීමේ පල විපාක කීපයක් නම්;

1. සිය සිරුරේ ප්‍රතිශක්තිකරණය ළදරු වියේ පසු වීම. එම නිසා එකම වෛරස් රෝග කාරකයක් නිසා ජීවිත කාලය පුරා ම විටින් විට අසනීප විය හැක.

2. මනුෂ්‍ය බඩවැල්  වල කිලෝග්‍රෑම් 5 ක් පමණ බර, සිරුර ට හිතකර බැක්ටීරියා ජීවත් වෙති. මොවුන් විෂබීජ සමඟ නිතර සටන් කරන පිරිසකි. ප්‍රතිජීවක (antibiotics) නිසා, රෝග කාරක බීජ වලට අමතරව, මෙම බැක්ටීරියා විරුවන් බොහොමයක් ද මිය යයි. මොවුන් නැවත ජනනය වීමට වසරකට ආසන්න කාලයක් යයි. එම අතර කාලයේ නිතර ලෙඩ වැළඳීම බලපොරොත්තුවෙන් සිටින්න. එම නිසා,  පුරුද්දක් ලෙස සෑම වසරකම පණු බෙහෙත් බීම නරක පුරුද්දකි.

3. ප්‍රබල රෝග කාරක බැක්ටීරියා නැසීමට තවත් තද බල ප්‍රතිජීවක අවශ්‍ය වේ. තද බල බෙහෙත් වල අතුරු බලපෑම් ද තදබල වේ..

4. නිතර ප්‍රතිජීවක ගැනීම නිසා රෝග කාරක විෂබීජ (බැක්ටීරියා), කාලයාගේ අවෑමෙන් බෙහෙත් අභිබවමින් පරිණාමනය වේ. බෙහෙත් සහ විෂ බීජ වල මෙම තරඟයේ ප්‍රතිඵලයක් ලෙස කාලය ත් සමඟ කිසිම බෙහෙතක් නොඅසන super-bug බිහි වීමේ අවධානමක් ඇති වේ.. ඉන්දියාව දැනටමත් මෙම අනතුර අත්දකියි. (බෙහෙත් දීමේ ක්‍රමවේදය ජාතික ප්‍රතිපත්තියක් විය යුත්තේ එම නිසා ය )

5. අධික මුදල් වියදම.

6. බෙහෙත් සහ වෛද්‍යවරු මත පදනම් ව ගෙවන ජීවිත. වැසි වැස්සත් වැඩ වරණ වෛද්‍ය වරු සිටින රටක මෙය රෝගීන්ට ඉතා අහිතකර වේ.


සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගෙවීම පිලිබඳ ව නොර්වෙන් ඉගෙනගත් වටිනා පාඩම් කීපයක්

  1. ලෙඩ වීම මනුෂ්‍ය සිරුරේ ස්වභාවයකි. රෝගී භාවයන් විඳ දරාගැනීමට කුඩා කල සිට පුරුදු විය යුතු ය.
  2. සිය සෞඛ්‍යසම්පන්න බවේ වගකීම 100% ක් ම ඇත්තේ තමා සතුව ය. ලෙඩ රෝග, විෂ බීජ, බෙහෙත්, මනුෂ්‍ය සිරුර යනාදිය ගැන යම් දැනුමක් තබාගත යුතුය.
  3. රෝගී වීම යනු ජීවන රටාවේ සමබරතාවය බිඳීයාමේ සංඥාවක් සේ සැලකීම. අසනීප වූ වහාම දිවි පෙවෙතේ සමබරතාවය ගැන සැලකිලිමත් විය යුතු ය. ශක්තිමත් ප්‍රතිශක්තීකරණ පද්ධතියකට පහත දා ප්‍රබලව බලාපනු ඇත.
    • සෑම රාත්‍රියකම පාහේ හොඳින් නිදා ගැනීම
    • ආහාර සිය බෙහෙත් සේ සලකා අනුභව කල යුතුයි. නැතහොත් බෙහෙත් ආහාර සේ කෑමට සිදුවන දවස නොපමාව උදා වෙනු ඇත. සෑම වේලක් ම සමඵල කර ගැනීමට වඩා.. දිනක් හෝ දින දෙකක් ඇතුලත ගන්නා සියලු ආහාර සම්ප්‍රයුක්තය සමඵල කරගැනීම වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයකි.
    • ව්‍යායාමය, දෛනිකව දත් මදිනවා මෙන් අතවශ්‍ය සාධකයකි.
  4. කාර්ය බහුල ජීවිතය ගිලන් ගත ජීවිතයක ට මඟ පාදනු ඇත

සුළු ලෙඩක් සැදුනු විට අනුගමනය කල යුතු ක්‍රියා පටිපාටිය

  1. වහාම රැකියාවෙන් නිවාඩු ගෙන විවේක ගැනීම. (උසස් වීම කොහොමත් ලැබෙන්නේ නෑ)
  2. පෙර දැනුමක් සමඟ වෛද්‍ය උපදෙස් පැතීම. නමුත් බෙහෙත් නොපැතීම.
  3. රෝග කාරකය වෛරසයක් ද බැක්ටීරියාවක් ද යන්න ඉතා සරළ (විනාඩි 5 ක) පරීක්ෂණයකින් හඳුනා ගත හැක. එවැනි පහසුකමක් ඇති සායනකට පුරුදු වන්න. (ඒක  පට්ට!) වෛරසයක් නම් බෙහෙත් නොගෙන ගෙදර ඇවිත් දුක් විඳ සුව කරගන්න. ඇතැම් බැක්ටීරියා ආසාදන සඳහා ද මෙය පසු කලෙක කළ හැකි වනු ඇත.

දොස්තර ල මේවා දන්නේ නැද්ද?

ලංකාවේ දොස්තර වරු ලොව කිසිම රටක වෛද්‍යවරුන්ට නොදෙවෙනි දක්ෂ පිරිසකි. ගැටළුව නම් දොස්තරලා ද මනුෂ්‍යයෝ ය. ඔවුනට (අන් සැමට මෙන්) ආර්ථික ගැටළු ඇත. විශේෂයෙන් ම, වෛද්‍යවරයකු වීමට දරන මහන්සියේ තරම දෙස බැලූ කල, එම ක්ෂේත්‍රය තරම් අසාධාරණයකට ලක් වූ තවත් ක්ෂේත්‍රයක් නොමැති තරම් ය.

තමාට වන ආර්ථික හානිය යම් තරමකින් හෝ හිලව් කරගැනීම (කීයක් හෝ වැඩිපුර සොයා ගැනීමට) සඳහා ඔවුහු පුද්ගලික වෛද්‍ය සේවයට පැමිණෙති. එතනදී වන ගැටළුව නම්, හරි හමන් රාජ්‍ය නියාමණයක් නොතීබීම. එම නිසා, හොඳ සේවයක් වෙනුවට ජනප්‍රිය (ජනයා කැමති) සේවයකට වෛද්‍යවරයා පෙළඹේ. නූපන් දරුවට ත් මවටත් අතිශය අහිතකර සිසේරියන් සැත්කම්, අද කොළඹ අවට විලාසිතාවක් වීම, මේ සඳහා කදිම නිදසුනකි.

අනෙක් පසෙන්, රෝගීන් වෛද්‍යවරු මුණ ගැසෙන්නේ උපදෙස් ගැනීමට නොව, බෙහෙත් ගැනීමට ය. දෙකේ කණුවේ දොස්තර හොඳ-හිත පැය හතළිස් අටේ බෙහෙත් රහිත කාලය පිලිබඳ උපදෙස් දෙද්දී, හතරේ කණුවේ දොස්තර හොඳ-වත විනාඩි හතරෙන් බෙහෙත් දුසිමක් දෙන විට..හොඳ-හිත වැඩි කල් යාමට පෙර බංකොලොත් වේ.

මේ තත්වය යටතේ, ලංකාවේ පුද්ගලික සේවාවේ වෛද්‍යවරුන් කෙරෙහි විශ්වාසය තැබීම අපහසු ය. තමාගේ ප්‍රථම වෙදදුරා තමා ද, ප්‍රථම රෝග නිවාරණය, දෛනික අහාර වෙල ද කරගත යුතු වේ.

සැකෙවින්, අපි හැකි පමණ ස්වභාවධර්මය සමඟ සුහදව සහ එකඟව ජීවත් වන්න උත්සුක වෙමු. එවිට ස්වභාවධර්මය විසින් අපව ආදරයෙන් රකිනු ලැබේ.

Da jeg var opphisset

Det var ikke en gang 6 måneder siden jeg startet i Siemens, da det ble klart for årets reise for min avdeling. På programmet sto en helgetur til Åre i Sverige der alle skulle ta overnatting i hyttene i byen. Alle ansatte ble bedt om å reservere en soveplass i en av de hyttene som Siemens allerede hadde betalt for.

Jeg valgte ei tilfeldig hytte og meldte meg på turen. Reisedagen nærmet seg gradvis og jeg kom til å bli kjent med de andre beboerne som skulle dele den samme hytta. Da spurte en slik beboer om jeg gleder meg til reisen. Da svarte jeg ‘ja, jeg er svært opphisset !

For 5 år siden var Google Translator min språklærer. Jeg mente at jeg var meget spent. Men Google trodde at ‘excited’ er best oversatt til ‘opphisset’ på den tida.

Celebrities-Top-5-Most-Embarrassing-Moments-on-Stage-650x434

Å lære et nytt språk, spesielt som en voksen, er like smertefullt som morsomt. Norsk (riktig sagt, bokmål), er ikke det vanskeligste språket å lære seg om man kjenner engelsk godt. Jeg forsøkte ulike strategier til å lære språket og jeg var og fortsatt er fullstendig klar til å feile og bli pinlig. Det er den grunnlegende reglen når man lærer seg et språk i voksenlivet sitt.

På den måten, når jeg begynte på NTNU, ba jeg en klassekamerat om hjalp med vanlige norskeuttrykk for å si ‘how are you, thank you, and I’m fine osv. Han var en liten frekk som jeg nå kom til å forstå. Han lærte meg noen gode uttrykk men også slippet han inn et pinlig svar. Han sa meg at jeg burde svare ‘koselig’ når man spurte meg hvordan har du det. I neste to årene svarte jeg koselig høylytt når man spurte meg om hvordan det går uansett om det var i klassrom, kantina, korridoren eller gata. Sånn var livet mitt !

Direkte oversettelse er grunnen til de fleste av feilene mine i tidlig fasen av norsk opplæring. Flink-phone i stedet for smart phone og oppvåkningsklokke i stedet for alarm er to av de pinligste tilfellene jeg husker nå. En gang var jeg litt mer kreativ når det gjelder direkte oversettelse. Jeg visste at folk fra vestlandet spiser hodet av sauer. Retten heter smalahove. Smala er sau fra dialekten og hove er hodet på samme måte. En gang glemte jeg navnet til den retten men jeg ville allikevell fortelle i en aktuelt sammenheng. Da regnet jeg meg at retten er lagt av hodet av sau så kommer hodet i et sted i navnet. Den første delen av navnet burde være relatert til sau eller lam. Da visste jeg at pinnekjøtt er egentlig kjøtt fra lam så burde pinne bety lam. Så fortalte jeg at folk fra vestlandet spiser hodepinne !! Katastrofe !

Dessuten kan ikke ei butikkdame bli mer skjokkert enn å bli spurt om de selger morkake hvor jeg egentlig mente var morsdagskake. Jeg husker reaksjonen fortsatt i hennes ansikt. Det var et skikkelig drep-meg-nå øyeblikk! Nesten #MeToo sak også.

Forvirring med lignende uttrykk er ikke så sjelden heller. Sugerør er et navn som jeg sliter meg med å huske. Et triks jeg bruker i slike tilfeller er å forbinde dette med et velkjent ord. Når det gjelder sugerør, er det nærmeste ordet er støvsuger. Men det går et hakk videre når jeg ber servitøren om en støvsugerør til jenta mi. Uff da !

Å lære seg lokal dialekt er alltid fornuftig spesielt om man ønsker å blande seg med de lokale. Trøndersk har utrolig mange rare og unike uttrykk som kan forvirre selve trøndere. Et vanlig uttrykk blant voksne er å si itj fårra nållas i stedet for ha det bra. Allikevel, det samme uttrykket med en liten vri gir en helt annen mening. Det er din oppgave å finne hvilken vri jeg mener her.

Altså er det både morsomt og smertefullt å lære seg et nytt språk i ens voksenliv. Utfordringen forsterker seg når man bruker det fremmedspråket med de som har det samme språket som deres morsmål. Når et barn lærer seg et nytt språk, blir mennesker ofte snille og sakte. Det skjer ikke så ofte når det gjelder voksner. Mine råd til de alle voksne å forsøke å lære seg et nytt språk, bruk det språket så ofte du kan uansett hvor mye du behersker det. Tommelfingerregel er at man ikke bør prøve å snakke som en lokal. Man må huske at språk det du lærer, vil alltid være en av fremmedspråk så vil uttalelse, ordforbruk og grammatik bli mer eller mindre annerledes.

Språklæring er en livsvarig reise. Start reisen i dag og nyt opplevelsen !

 

SAITM අවනඩුව මගේ ඇසින්

මාගේ මිතුරන් කීපදෙනෙකු අද ගුවන් නියමුවන් ලෙස ජාත්‍යන්තර තලයේ සේවය කරති. ඔවුන් ගෙන් ඇතැමෙකු අ.පො. උසස් පෙළ අසමත් ය. මගේ බිරිඳ සහ දියණිය සමඟ මා පියාසර කරන විට එම මිතුරන් සේවය කරන ගුවන් සමාගම් මඟ ඇරීමට මම උත්සහ නොකරමි. මා අසුන් ගෙන සිටින ගුවන් යානයේ ගුවන් නියමුවා එම මිතුරෙකු බව දැනගත්තොත් මට දැනෙනු ඇත්තේ පුදුමාකාර සතුටකි. අප ගමනේ සුරක්ෂිය භාවය ගැන මසිතේ මොහොතකට වත් කුකුසක් නොදැනේ මන්දයත් ඔවුන් යානයේ සුක්කානම හසුරුවන්නේ..ඔව්, අධික මුදලක් යට කර ලැබූ පුද්ගලික අධ්‍යාපනයකිනි, නමුත් ප්‍රමාණවත් සුදුසුකම් සහ ප්‍රයෝගික පුහුණව නොමැතිව එම අසුනේ වාඩි විය නොහැකි බව මට විශ්වාස බැවිනි.

1254935948_how_to_be_a_pilot

එම විශ්වාසය හෙට SAITM වෛද්‍යවරයෙකු කෙරෙහි ඔබට මට තිබේ ද? එසේ නොමැති නම්, ඒ එහි උගත් සිසුන්ගේ පුද්ගලික අඩු පාඩුවක් නිසා නොව, හොර පාරෙන් අටවා ගත් ආයතනයේ බරපතල වරදක් නිසා ය. එම වරද අතකොළුවක් කරගෙන සිය පුත්ගලික න්‍යායපත්‍ර මුදුන් පමුණුවා ගැනීමට කටයුතු කරන්නන් ගේ ක්‍රියාවන් නිසා ය.

SAITM ආයතනයේ පියා S. B. දිසානායක මහතා යි. ඔහු කවරෙක් ද යත්, ප්‍රජාතන්ත්‍රවාදයේ කල හැකි දරුණුම අපරාධයක් වන හොර ඡන්ද දැමීම [1], [2] පමණක් නොව එම ක්‍රියාව ආභරණයක් සේ ප්‍රසිද්ධියේ පැළඳීමට තරම් අවලජ්ජාසහගත පුද්ගලයෙකි. SAITM ආයතනය ට වලංගුතාවයක් ලැබෙන ගැසට් පත්‍ර නිකුත් කළේ, ඔහු රටේ සෞඛ්‍ය ක්ෂේත්‍රය සහ දරුවන් ගේ අධ්‍යාපන අයිතිය ගැන සිතාමද?

වෛද්‍ය සභාව කෙතරම් අපක්ෂපාතී ද?

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් SAITM වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක අඩුපාඩු මෙසේ ඉදිරිපත් කර ඇත. වෛද්‍ය සභාව සිය රාජකාරිය අකුරටම ඉෂ්ඨ කර ඇති බව පෙනේ. එය ට මගේ ආචාරය. මට මතුවන පැනය නම්, වෛද්‍ය සභාව, විදේශීය විශ්වවිද්‍යාල වලටද එම හැන්දෙන් ම බෙදයි ද යන්න යි.

බංග්ලාදේශයේ USTC පුද්ගලික විශ්ව විද්‍යාලය, වෛද්‍ය සභාව විසින් 2014 වසර මැදක් වන තෙක් පිළිගත් ආයතනයකි. ශ්‍රී ලාංකීය සිසුන් 200 ට අධික පිරිසක් එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරා ඇත. 2014 සිට අද දක්වා එම විශ්වවිද්‍යාලය බංග්ලාදේශ වෛද්‍ය සභාව (BMDC) විසින් ගුණාත්මක කරුණු මත පදනම් කරගෙන ප්‍රතික්ෂේප කර ඇත [3]. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව, එම තීරණය මත පදනම් කරගෙන USTC විශ්වවිද්‍යාලය 2014 වසරෙදී සිය පිළිගත් විශ්වවිද්‍යාල ලැයිස්තුවෙන් ඉවත් කරන ලදී [4]. ආරංචි මාර්ග අනුව, USTC හිටපු හිමිකරු බංග්ලාදේශයේ ප්‍රබල ප්‍රභූවරයෙකු වන අතර ඔහු ජීවතක්ෂයට පත් වීමත් සමඟ USTC ආයතනය BMDC විසින් ප්‍රතික්ෂේප වූ බවත් ප්‍රමිතිය අඩු වීමට හේතු 2014 ට පෙර වකවානුවේ සිට පවතී බවත් ය. තව කෙතරම් මෙවැනි විදේශ විශ්වවිද්‍යාල, වෛද්‍ය සභාවේ පිළිගැනීම ලැබී ඇති ද?

අභියාචනාධිකරණය පසුගිය දින SAITM ආයතනයට වාසිදායක රික්ටආඥාවක් නිකුත් කළේ ද වෛද්‍ය සභාව සිය රාජකාරියේ දී අනුගමනය කල මෙවැනි ම දෙබිඩි පිළිවෙතක් හුවා දක්වමිනි [5], [6].

GMOA ඒකාධිකාරිය

රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය මෙම අර්බුදයේ දී SAITM සිසුන් ට සායනික පුහුණුව ලැබීම වලකමින් භූමිකාවක් රඟ දක්වයි. GMOA යනු හුදු වුර්තීය සමිතියකි. ඔවුන් සිය වුර්තිකයන්ගේ ඒකාධිකාරය රැක ගැනීම සඳහා ඉතා වගකීමෙන් කටයුතු කරයි. එහිදී රෝගීන් වුවද ප්‍රාණ ඇපයට ගනිමින් එය සිදු කරයි. SAITM ආයතනයට එරෙහි ඔවුන්ගේ ප්‍රතිපත්තිය තර්කානුකූල ය. නමුත් එම තර්ක අවංක ද? නැතිනම්, සිය ඒකාධිකාරී සංගමයේ කේවල් කිරීමේ බලය ට තර්ජනයක් වන මාර්ග අවහිර කිරීමක් ද?

අධ්‍යාපනයේ නිදහස ද නිදහස් අධ්‍යාපනය ද?

අධික ආදායම් සහ සම්පත් විෂමතාවයක් තියෙන රට ක උසස් පෙළ ප්‍රතිඵල මත සිසුවෙකුගේ බුද්ධිමත් අබුද්ධිමත් බව තීරණය කිරීම සර්ව සාධාරණ නැත.

බඩට හරි හැටි අහරක් නැතිව හවසට ගල් කොරියක වැඩ කර උදේට ගුරුවරු නැති ගමේ පාසල් යන සිසුවා සහ සුපිරි පාසලෙන් උපකාරක පන්තියට සහ එතනින් නිවසට සුඛෝපභෝගී රථයේ පිටුපස ආසනයේ ගමන් ගන්නා සිසුවා ද එකම විභාගයට සහ එකම කඩයිම් ලකුණු වලට යටත් ය.

දිස්ත්‍රික් කුසලතා මත පදනම් වූ ප්‍රවේශය මඟින් යම් දුරකට එම විෂමතාවය මඟ හැරී යනු ඇත. නමුත්, ඇතැම් ඇති හැකි පිටිසර සිසුන්, කොළඹ හෝ ප්‍රධාන නගර අවට නවාතැන් ගෙන උපකාරක පන්ති ගොස් අඩු කඩයිම් ලකුණු මත රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශ ලබන බව නොදන්නා රහසක් නොවේ.

අධ්‍යාපනය මිළ දී ගන්නවා යැයි පුද්ගලික විශ්වවිද්‍යාලයීය සිසුන්ව හංවඩු ගහන ඇතැම් රජයේ සිසුන්, තමා ද රජයේ විශ්ව විද්‍යාලයකට ප්‍රවේශ ලැබුවේ තමාට වඩා දුප්පත් දරුවකු ව අභිබවා යාමට මුදල් කරමතින් උපකාරක පන්ති ගොස් ඇති බව අමතක කරමිනි.

රටේ අන්ත දුගී දුප්පත් දරුවන්ට කිසිම විශ්වවිද්‍යාලයක අධ්‍යාපනයට ‘නිදහසක්’ නැත. සැබවින්ම නියම ජාතික අරගලය නම්, උපකාරක පන්ති අහෝසි වන තත්වයකට රටේ සියලු පාසල් වලට සම්පත් බෙදී යාම සඳහා පාලකයන් දක්කාගෙන යාමයි. තමා ට වඩා නැති කෙනා වෙනුවෙන් සටන් කිරීම පසෙක ලා තමා ට වඩා ඇති කෙනෙකුට අකුල් හෙලීම හෝ ඇති අය කල දුටු කල වල ඉහ ගැනීම, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටීමක් නොවේ.

පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ලංකාවට යෝග්‍ය ද?

ශ්‍රී ලංකාවට පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය යෝග්‍ය ද නැති ද යන්න සංකීර්ණ මාතෘකාවකි. ඒ ගැන පුළුල්, තර්කානුකූල, අදේශපාලනික විග්‍රහයක් මෙම ලිපියේ දැක්වේ.එම ලිපියට අනුව, දූෂිත ලාංකීය දේශපාලන සංධර්භය තුල දීර්ඝ කාලීනව බැලූ කල පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය රට ට අයහපත් වනු ඇති බව මගේ තේරුම් ගැනීමයි. සමාජ සුභසාධන හා මානව සංවර්ධන දර්ශක වලින් ලොව ඉදිරෙයෙන් ම සිටින ස්කැන්ඩිනෙවියානු රටවල විවිධ අධ්‍යාපන ක්ෂේත්‍ර පෞද්ගලිකරණය වුවද වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණයට දොරගුළු වැසී ඇත්තේ එම රටවල් ධනවත් නිසා පමණක් නොවේ. නොර්වේ හි ද සුවිශ්ෂ්ටතම ලකුණු ලාභින් පමණක් නොමිලේ රාජ්‍ය වෛද්‍ය අධ්‍යාපනයට හිමිකම් කියන අතර අනෙකුත් සිසුන් නැගෙනහිර යුරෝපීය රටවල මුදල් ගෙවා එම අධ්‍යාපනය ලබයි.

මාලඹේ වෛද්‍ය පිඨය හෝ එයින් ඔබ්බට ගිය වෛද්‍ය අධ්‍යාපනයේ පුද්ගලීකරණය සම්බන්ධව පුළුල් විද්වත් කතිකාවක් වෙනුවට මා අසා ඇත්තේ ‘හොර උපාධි කඩ’ වැනි සිල්ලර සටන් පාඨ පමණයි. අනෙක එම සටනේ පෙරමුණ, රාජ්‍ය විශ්වවිද්‍යාල සිසුන් විසින් ගෙන යාම, සටන හෑල්ලු වීමට කරුණකි. එමෙන්ම ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම පුද්ගලික අධ්‍යාපනයට අනුබල දෙන බැවින් මෙම සටන බෙහෙවින් දුෂ්කර ය.

වැරදි සහ ව්‍යාජ ක්‍රමවේද නිසා SAITM ආයතනය අර්බුදයක් විය. එක් වැරැද්දක්, තවත් වැරැද්දකින් නිවැරදි නොවේ. අභියාචනාධිකරණ තීන්දුව වැදගත් හා කාලෝචිත එකකි. මාලඹේ වෛද්‍ය පීඨය රජය ට වග කියන සහ නිවැරදි ප්‍රමිතියකින් නියාමනයන වන ආයතනයක් බවට පත් කිරීම තුලින් එහි අවාසි අවම කරගත හැක, එහි සිසුන් කෙරෙහි ඇති අවිශ්වාසය මඟ හරවා ගත හැක. නමුත් අවසානයේදී.. සුක්කානම ඇත්තේ දේශපාලකයා අතෙහි ය. මුදල් ආකරයක සෙවනැළි පෙනෙන මෙවන් ගණුදෙනුවක් දීර්ඝකාලීන රටේ සුභ සිද්ධිය වෙනුවෙන් හසුරුවන ලබන දේශපාලකයෝ අද සිටිති ද? ක්‍රිස්ටෝෆර් විලියම් විජේකෝන් කන්නන්ගර මහතා මේ මොහොතේ දී මට සිහිපත් වෙන්නේ අසීමත කෘතඥතාවයකි නි.

රැඳවියන් දෙදෙනා ගේ උභතෝකෝටිකය

ලාංකීය දේශපාලන ජවනිකා වල තිරය පිටුපස තිර පිටපත…

prisoners

දරුණු අපරාධ කරුවන් දෙදෙනෙකුට යමෙකු ඝාතනය කිරීමට කොන්ත්‍රාත්තුවක් ලැබුණි. දෙදෙනා එක්ව කිසිඳු සාක්ෂියක් ඉතුරු නොකර මිනි මරා පලා යති. පොලිසියට ඇති එකම සාක්ෂිය එකෙකුට එරෙහිව අනෙකා ගේ සාක්ෂිය පමණි. දින කීපයකට පසු, ලැබුණු ඔත්තුවක් පිට, දෙදෙනාව වෙන වෙනම සැක පිට පොලිසියෙන් අත් අඩංගුවට ගනී.

මිනිමරු සගයෝ දෙදෙනා (A සහ B) වෙන වෙනම රඳවාගෙන පොලිසියෙන් ප්‍රශ්න කරන්න පටන් ගනී. එකෙක් අනිකාව පාවල දුන්නොත්.. පාපොච්චාරණය කරපු එකා ට සමාව ලැබෙන බව දෙදෙනාටම වෙන් වෙන් ව පොලිසියෙන් පවසා සාක්ෂි රැස් කිරීමට උත්සහ කරයි.

දැන් බලමු රැඳවියන් දෙදෙනාට ඇති වරණයන්;

  1. A රජයේ සාක්ෂි කරු වී සියල්ල හෙළි කරයි.. A ට සමාව ලැබෙයි.. B හිරේ යයි.. හැබැයි A ට යහතින් ජීවත් විය හැකි ද? B ගෙ සගයෝ හෝ කොන්ත්‍රාත් දුන් අය A සහ උගේ පවුලේ උන්ව අතුගාල දානවා නිසැකවම.
  2. A සහ B දෙන්නම වෙන වෙනම අනිකාව පාවල දෙයි… දෙන්නටම උපරිම දඬුවම්…
  3. A සහ B දෙන්නම  මුනිවත රකිති.. පොලිසියට සදහටම ඇත්තේ ඔප්පු නොකරපු මිනි මැරුමක් විතරයි.. A සහ B ට උපරිම දඬුවම් ලැබෙන්නේ නැ.. දෙන්නම නිදහස් වීමට වැඩි අවස්තාවක් ඇත.

අපරාධකරුවන් ට ඇති වඩාත් වාසිදායකම උපාය මාර්ගය – නිහඬ ව එකිනෙකා ට සහයෝගය දැක්වීමයි. එනම් ඉහත තෙවන වරණයයි. 1948 න් පසු ශ්‍රී ලංකා දේශපාලන විගඩම සැකෙවින් මෙය වේ.

ඇතැම් දෙනා යහපාලනයෙන් බලාපොරොත්තු වුනේ රජාපක්ෂ සමයේ දූෂණ වංචා සොයා බලා, වැරදි කරුවන්ට උපරිම දඬුවම් ලබා දීමයි. හරියට A පැමිණ B ව පාවා දෙයි වගේ සිද්දියක්. FCID ඇතුළු අනෙකුත් ආයතන වලින් පෝලිමේ අත් අඩංගුවට ගැනීම්, නඩු පැවරීම් දෙස බලද්දී යම් කිසි දඬුවමක් කාට හෝ ලැබෙයි දෝ කියා විචිකිච්චාවකුත් ඇති වෙයි. නමුත් එසේ දඬුවම් දීම ඉහත උදාහරණයේ දෙවන වරණයට සමාන වීමක් වෙනවා. මන්දයත්, 1. පවතින ආණ්ඩුව සර්වතෝබද්‍ර නොවේ. 2. දේශපාලනයේ ස්වභාවය අනුව (විශේෂයෙන් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක), කිසිම ආණ්ඩුවක් සදාකාලික නැ. එම නිසා, මුන් උන්ට දඬුවම් දුන්නොත්, මුන්ට ද උන්ගේ අන්කුර වලින් නියතවම දඬුවම් හිමියි.

මේ තර්කය යටතේ පසු ගිය ආණ්ඩුවේ තෝරු, මෝරු නොව පොඩි සාලයෙක්, හාල් මැස්සෙක් ට වත් දූෂණ චෝදනා පිට දඬුවම් ලැබෙන්නේ නැ, එයයි අවාසනාවකට ඇත්ත කතාව. ඒ නයින් මේ ආණ්ඩුවේ කුප්‍රකට බැඳුම්කර සිද්ධිය ඇතුළු චෝදනා කිසිවක වරද කරුවන් විපක්ෂය ආණ්ඩු බලය ගත් කල, දඬුවම් කරන්නේ ද නැත. සරලව කීවොත්, A සහ B ගේ අන්‍යෝන්‍ය අවබෝධය සහ සහයෝගය මත මාධ්‍ය සංදර්ශන වලට සීමා වී, ජනාවට කොකා පෙන්නයි.

දූෂණය සහ භීෂණය සහ දාහත් වසරක සාපය විකුණමින් චන්ද්‍රිකා බලයට පැමිණ දූෂණ චෝදනා නඟා දඬුවම් කල එක් කෙනෙක් මා අසා නැත. ඉන් පසු අද දක්වා විපක්ෂය බලයට පැමිණි සෑම අවස්ථාවක ට ම මෙය වලංගුයි.

මේ අතර.. දේශපාලන ජවනිකාවේ ඇතැම් අවස්ථා වල, පුද්ගලික වෛරයන් පිරිමසාගැනීම හා/හෝ, රඟපෑමේ අඳුනික කම නිසා එකිනෙකා පාවා දුන් සිදුවීම් ද දැක ගත හැක. මෙවැනි පාවාදීම් හරවත් වෙන්නේ එකම පාර්ශවයේ දෙපිරිසක් එදිරිවාදී වූ විටය. මෑතකදී වූ එවැනි එකක් නම් ජෙනරාල් ෆොන්සේකා සහ විජේදාස රාජපක්ෂ අතර වූ ප්‍රසිද්ධ ගැටුම. දෙදෙනාම තරමකට නිරුවත් විය. ක්ෂණික ම, රඟමඬල රිසි සේ දන්නා කෙනෙකුගේ මැදිහත් වීම තුල ජෙනරාල් නිහඬ විය. මේ කරලියේ ඉගෙන ගැනීමට බොහෝ දේ ඇති බව ඔහුට පැහැදිලි විය. දෙදෙනාම දූෂිත බව අපට පැහැදිලි විය.

විමල්, ආර්ථික ඝාතකයා සමඟ ඇති කරගත් පලහිලව්ව, A විසින් A ගේම ස්වාමියා පාවා දීමක් වැනිය. එයින් වාසිය ලැබුනේ B ට ය. මේ අතර චම්පික, රාජිත යන අයගේ ජවනිකා පැහැදිලි කිරීමට කොටස් ආයෝජන න්‍යාය අවශ්‍ය වේ. ඒ සඳහා වෙනම ලිපියක් ලිව යුතු ය.

පුළුල් විග්‍රහක යෙදෙනේවා නම්, මුදල් වංචා දූෂණ නොමැති රජයක් ලොව කිසිම රටක නොමැත. ලොව හොඳම රටක් යයි කියා ගන්නා නොර්වේ රටෙ හි ද මේවා වක්‍රාකාරව, තාක්ෂණික ව සහ සූක්ෂම ව සිදු වේ. වෙනසකට ඇත්තේ ලංකාව වැනි තෙවෙනි ලොව රට වල, මූල්‍ය දූෂණ වල සුලභතාවය වැඩි නිසා යම් තරමක දූෂණ, මහජනතාවට පෙනෙන මට්ටමක පැවතීමයි. නමුත් සත්‍ය තත්වය නම්, මූල්‍ය දූෂණය පිළිකාවක් මෙන් දුප්පත් රටවල් වෙලාගෙන, අස්සක් මුල්ලක් නෑර පැතිර ගොස් තිබීමයි. දුබල රටවල ඇති මුල්‍ය දූෂණ පිටුපස ලොව ප්‍රබල විදේශ රාජ්‍යන් ද සිටියි. රාජ්‍ය දේපල, ස්වභාවික සම්පත් කොල්ලකෑම, දේශපාලනිකව අස්ථාවර කර යුද්ධ ඇති කිරීම (අවි අලෙවිය සඳහා), බුද්ධි ගලනයට අනුබල දීම වැනි කූට අදහස් ඒවා පිටුපස ඇත. එවැනි තත්වයක් යටතේ, මා වුව ද හෙට දේශපාලනයට සම්බන්ධ වුවහොත්, අනිද්දා වන විට ඍජුව නැතත් වක්‍රාකාරව හෝ මූල්‍ය දූෂණයකට පැටලෙනු ඇත.

මෙවන් තත්වයක් යටතේ, ලංකාවේ කිසිම ආණ්ඩුවකින් පෙර ආණ්ඩු වල දූෂිතයන්ට දඬුවම් දීම බලාපොරත්තු විය නොහැක. මහජනතාව විදියට කල යුත්තේ දූෂණයට එරෙහි හඬ මතු කිරීම සහ වැදගත්ම සහ ප්‍රයෝගිකම දේ.. වාර 2 ට වඩා එකඳු පක්ෂයකටවත් බලය නොදීමත් ය (මුල්‍ය වංචා සහ දූෂණ පණක් සලකා බැලූ කල). මේ හරහා කරගෙන යන මූල්‍ය දූෂණ reset වනු ඇත. එනයින්, සොරකම් කරන සීග්‍රතාවය කණ්ඩනය වනු ඇත, නමුත් වැළැක්විය නොහැක.

අවසාන වශයෙන් මගේ ප්‍රාර්ථනාව නම් මගේ මේ තර්කය බංකොලොත් වී, මගේ මේ ලිපිය අවලංගු වෙමින් පසු ගිය සමයේ අපරාධකරුවන් අතලොස්සකට හෝ සිර දඬුවම් ලැබේවා යන්නයි. එම සිද්දිය, මේ රජය විසින් නොව කවර දිනක කවර රජකින් වූවත්, එය රටේ හැරවුම් ලක්ෂ්‍යයක් වනු ඇති.

Mitt navn er Bond, Mudiyanse Appuhamilage bla bla Bond

Forestill deg en Sri Lankisk James Bond film. En hyggelig fyr som spiser curry og spiller cricket hver dag er en ting. Men når det gjelder selv-introduksjonen i den typiske Bond stil, har nok fienden god tid til å rømme fordi en srilankisk Bond vil ha en utrolig langt navn.

sanskari_james_bond_teaser

Mennene er ofte stolte av lengre saker, men helst ikke av et langt navn. Det er ikke en hemmelighet at srilankere har lange navn. Mitt hele navn er Perera, Uswatta Liyanaralalage Aravinda Joseph Dinesh Perera (i kjent James Bond stil). Da jeg var student på NTNU, var faktisk det å gjenta mitt navn etter meg en populær fest lek. Premien for å klare det, var en frokost buffet på Rica Nidelven. Hittil har ingen klart det, selv ikke de som har spilt på lag.

Jeg opplever mange utfordringer med mitt lange navn utenfor Sri Lanka. For eksempel er mitt navn bokstavelig lengre enn min adresse i Norge. Det er mange som ikke tror meg når jeg sier at hele mitt navn ikke har plass i passet mitt, men at mitt fulle navn er henvist til en annen side. Papirarbeid med offentlige kontorer  er alltid vanskelig med så mange ord i navnet. Når det gjelder første-middel-etter navnformat i skjemaer, opplever jeg utfordringer siden at mitt ‘første’ kallenavn (Aravinda) står i midten. Uansett er jeg langt ifra den eneste srilanker som opplever slike utfordringer. Se her.

Dessuten er mitt navn ikke blant de lengste navnene i Sri Lanka. Ta gjerne en kikk på følgende navn på noen av de kjente personene fra Sri Lanka.

  1. Upathissa Atapattu Bandaranayaka Mudiyanse Ralahamilage Shirani Anshumala Bandaranayaka – forrige justitiarius i Sri Lanka
  2. Mahamarakkala Kurukulasooriya Patabendige Akila Dananjaya Perera – cricketspillere

Faktisk kjenner jeg noen personer som har over 10 ord i deres navn.

Så hvorfor har srilankere slike lange navn?

Fullt navn

Et srilankisk navn er som oftest bygd opp av følgende: [sted beskrivelse av forfedre][yrke beskrivelse av forfedre][kallenavn_1][kallenavn_2][etternavn].

De første ordene i navnet er beskrivelser av forfedre og ens stamtre. I mitt tilfelle, betyr Uswatta Liyanaralalage kun en beskrivelse av mitt stamtre. I norsk sammenheng kunne mitt navn ha vært Øvrebakken Sekretærers Arvid Josef Dennis Pedersen. Nå kan du tenke deg hvor pinlig det er å kalles Øvrebakken høylytt på offentlige steder.

Dette systemet er egentlig ikke så dumt når det gjelder dagene hvor en ikke hadde elektroniske metoder for å registrere familier og avkom. Lignende navnsystemer ble benyttet også i noen land i Europa for mange år siden. For eksempel het sønnen til Ander, Andersson. Du finner også de mange engelskmenn som heter Cook, Butler, Butcher, Taylor, Judge, Smith, Shepherd osv som sannsynligvis stammer fra ens yrke.

Etternavnet

Etternavnkonseptet var tradisjonelt annerledes i Sri Lanka. Etternavnet er generelt sett familienavnet i Norge som kommer på slutten. Som nevnte før, kommer familienavn i begynnelsen i et typisk srilankisk navn. I dag kalles etternavn ‘Waasagama’ i sinhalesisk som betyr ‘bosted’. Dette er knyttet til de første ordene som står foran kallenavnene. I norske sammenheng, kunne det ha vært Lillestrøms Irene eller Hommelviks Håkon.

Under kolonial perioden tok srilankere stort sett portugisiske etternavn blant annet for å unngå diskriminering. Det er grunnen til at mange srilankere har portugisiske etternavn som Silva, Perera, Fernando, Alvis, Gomes osv. De som ikke tok eller oppga portugisiske navn senere, plukket opp en av de første ordene som etternavn. Det var antageligvis for å være korrekt med systemet som ble etablerte av de Vestlige. Derfor kan du finne enkelte navn der samme ordet repeteres på slutten. Se nedenfor for noen kjente eksempler;

  • Ranawaka Arachchige Patali Champika Ranawaka
  • Kulasekara Mudiyanselage Dinesh Nuwan Kulasekara

En berømt person som ikke har et slikt etternavn er Separamadu Lasith Malinga hvor Malinga er et skikkelig kallenavn.

Mellomnavn

Mellomnavn er generelt sett andre eller tredje kallenavn. For de kristne vil ett av disse være dåpsnavnet som vil bli en del av ens fulle navn. For eksempel er Joseph mitt kristne navn.

Allikevel har jeg ikke peiling om hvorfor vil man få mer enn to navn. Det hender i flere land også, selv om kun bruker ett navn i de fleste av sammenhengene. Et unntak kan være når det første navn er veldig kort, som Per eller Jens. Da er de kombineres med for eksempel Per Arne eller Jens Petter. På denne måten har jeg ingen forklaring for mitt navn, Dinesh eller Dennis i den norske sammenhengen .

Forstørrelse på latinske bokstaver

De allerede lange srilankiske navnene blir enda lengre når de skrives med latinske bokstaver. For eksempel behøves det ‘kun’ 26 bokstaver på sinhalesisk (mitt morsmål), mens det tar 48 bokstaver på engelsk.

Tamilnavn

Tamiler fra Sri Lanka oftest har 2 ord i sitt navn. De kristne kan ha et mellomnavn i tillegg. Et typisk tamil navn kan være Tharshannan (nei, ikke Tarzan) Nadarajah. Navnsystemet er slik at AA BBs barn kalles CC AA der AA er arvet fra faren og CC er et nytt kallenavn/fornavn. På denne måten, forandres familienavnet hver slektledd.

For å konkludere kan det nevnes at navnene fra Sri Lanka er mange og lange. De blir enda lengre når de skrives med latinske bokstaver. Ut i fra uttrykket -Kjært barn har mange navn-, kan en vel si at ingen barn er mer kjære en de fra Sri Lanka.

Hilsen,

Uswatta Liyanaralalage Aravinda Joseph Dinesh Perera

PS: Takket være språkguru Kåre Innvær for gjennomgåelsen

Sri Lanka i Øyne Dine

kids_b3

Introduksjon

På en side er Sri Lanka et av de vakreste landene som finnes med mangfold i natur og kultur og rik historie. På den andre siden var det uroligheter for noen år siden og fortsatt er det korrupt.

Som en srilanker bor i Norge over 5 år, har jeg truffet mange utlendinger. Forresten har jeg møtt de norske og utenlandske myndighetene i ulike saker. Størstedelen av disse myndighetene består av norske politi, Utlendingsdirektoratet (UDI), NAV, Skattekontor, de ansatte på flyplassene i forskjellige land, norske og andre ambassader og de katolske menighetene. Min opplevelse utgjør en blanding av både de gode og dårlige. Likevel var de tankevekkende derfor hadde jeg lyst på en skikkelig undersøkelse. I forbindelse med min semesteroppgave gjennomførte jeg en grundig vurdering av perspektivet blant utlendinger, hovedsakelig blant nordmenn på Sri Lanka og srilankere.

Hovedmetoden er en spørreundersøkelse

Etter min mening er den beste måten til å revidere fordommer på, å spørre individer. Denne måten kommer ikke uten enkelte ulemper selv om svarene er opprinnelige og direkte. Det har vært 30 personer som deltok i spørreundersøkelsen [1]. 25 av dem var nordmenn og de resterende kommer fra ulike steder i verden. 5 av de deltakerne har vært i Sri Lanka. 80% av deltakerne kjenner kun 1-3 srilankere mens de resterende har flere kjennskaper. En av dem har giftet seg med en srilanker.

Inntrykket av Sri Lanka er en blanding

De som deltok i undersøkelsen har hørt om Sri Lanka i ulike aldre og av ulike grunner. Noen har hatt klassekamerater på skole eller universitet. Noen har hatt familie, naboer eller kjente folk som kommer fra eller har besøkt Sri Lanka. Få har hørt om Sri Lanka for første gang grunnet enten krig eller tsunami.

Det mest vanlige førsteinntrykket blant dem av Sri Lanka er at det er et varmt, eksotisk, vakkert, gjestmildt og spennende land som består av strender, fjell og jungel.  Enkelte personer har et bilde av Sri Lanka med sterk og krydret mat og cricketgalskap. Få personers førsteinntrykk var skapt av konflikt, politisk ustabilitet og fattigdom. For et annet spørsmål som deltakerne vurderte om sitt bilde av Sri Lanka, er de avgitte svarene som nedenfor i Figur 1.

figur1

Figur 1: Ordpar som beskriver Sri Lanka

Valgene viser at inntrykket av Sri Lanka er en blanding av både positive og negative aspekter. Mens vakker natur er desidert det sterkeste på bildet av Sri Lanka, er korrupsjon og politisk ustabilitet en betydelig del av utlendinger sitt perspektiv av landet. Selv om det er mindre enn 30 % av befolkningen i Sri Lanka som er muslimer og hinduer, har 10 % av deltakerne hatt et bilde av Sri Lanka med muslimer og hinduer. I samme retning, til tross for at villdyr og delfinsafari er en stor attraksjon i Sri Lanka, har kun en liten andel det på sine bilder. Forresten er det interessant å innse at fattigdom og feilernæring ikke er i perspektivet til de fleste av deltakerne.

Til tross for at Sri Lanka dreier seg om vakker natur i følge de utenlandske deltakerne sitt inntrykk, er Sri Lanka ikke det første valget å reise i sørasiatisk region. Det viser seg at Maldivene er det mest populære landet i region for ferie mens Sri Lanka kommer på andreplassen med 30 % som velger sitt førstevalg som Sri Lanka.

Inntrykket av srilankere er meget positivt

Oppfatningen av srilankere er at de ser strålende ut. Resultater av undersøkelsen viser at over 80 % av deltakerne tror at srilankere er morsomme, sosiale, høflige og flittige mennesker. På et annet spørsmål måtte deltakere velge ordpar som beskriver srilankere best. Figur 2 avdekker resultatene.

De overordnede egenskapene av srilankere i følge undersøkelsen er at de er integrerende, beskjedne og flittige folk. [2] nevner at innvandringsbefolkningen fra Sri Lanka har minst arbeidsledighet og høyest gjennomsnittlig inntekt blant alle innvandringsgruppene som kommer utenfor Europa. Videre oppgir den at over 70 % av srilankere i Norge eier sin egen bolig. Disse fakta støtter inntrykket av srilankere at de er integrerende, flittige og arbeidsomme.

figur2

Figur 2: Beskrivelse av srilankere

Blant de andre positive egenskapene er ”gjestemilde, blide, høflige” de andre beskrivende ordene brukt. Apropos likhet ser det ut til at det er vanskelig å skille srilankere fra indere for en utlending fra et vestlig land. Det er ikke noe negativt eller positivt i prinsippet selv om det ikke vil være et kompliment for de fleste av srilankerne grunnet det vennlige fiendskapet mellom India. Det er nesten det samme som mellom Norge og Sverige.

Likevel opplyser undersøkelsen at svarfordelingene har motsatte oppfatninger av hvordan srilankere feirer eller fester. Noen mener at de er tilbøyelige til fester, alkohol, dans og musikk. Men en mindre andel tenker at srilankere er rolige, alkoholavholde mennesker som kan være vegetarianere. Begge disse oppfatningene kan være sanne avhengig av person. Sri lankisk kultur er stort sett påvirket av buddhisme og hinduisme hvor rådet er et rolig, moderat, alkohol- og kjøtt avholdende liv. De flest i befolkningen lever i samsvar med disse rådene mens de andre nyter unntak når de vil. Derfor kan man finne folk fra Sri Lanka med motsatte vaner i forhold til feiring, fest og alkoholforbruk.

Dessuten er det interessant å se at ingen tenker noe negativt om srilankere. Det er morsomt å finne ut at de som trener med meg tenker at 6-pack kropp preger srilankere, muligens grunnet min innsats for en nesten uoppnåelig sak.

Karri vinner førsteplassen i oppfatningen av matlaging

I forhold til matkultur ser det ut til at nesten alle er enige i at srilankisk kjøkken er preget av sterk og krydret mat. 96 % av undersøkelsesdeltakerne forventer mange forskjellige karriretter dersom de blir invitert på middag hos en srilankisk familie. Det er en rimelig forventning. Også kan man forvente meget god stemning hos en srilankisk familie med musikk, sang og dans om etter middag.

Srilankere er behandlet nesten samme som nordmenn i arbeidsmiljøet

Undersøkelsen spurte deltakere følgende spørsmål (se Figur 3) for å vurdere fordommer i et enkelt tilfelle på srilankere. 5 poeng betyr at ens følelse for en srilanker er den samme som for en nordmann:

figur3

Figur 3: Poengene en srilanker vil få før intervju

60 % har ingen fordommer før intervju. 5 av 30 vurderte srilankere som dårligere enn nordmenn mens 7 av 30 tror at srilankere er bedre enn gjennomsnittlige nordmenn i forhold til denne saken. Mitt syn er at når utvalget blir større vil gjennomsnittet være 5. Likevel oppgir [3]  at en betydelig andel av srilankere føler seg diskriminert i forhold til jobbsøk selv om slike følelser er mindre enn gjennomsnittet blant innvandringsgruppene som er fra de ikke-vestlige landene.

UDI ødelegger oppfatningen av virkelighet i forhold til visum og innvandring

UDI er en myndighet som åpenbart diskriminerer og har sterke fordommer mot de utenlandske befolkningsgruppene. [4] opplyser at Sri Lanka er i den nest verste gruppa i deres vurderingssystem. Takket være UDI har jeg opplevd og fortsatt opplever masse utfordringer i forbindelse med oppholds- eller besøks -visumsøknadene for meg selv, min familie og besøkere.

I motsetning til UDI sitt blinde syn har de vanlige nordmenn et mottakelig sinn for srilankere.

figur4

Figur 4: Hvordan en srilanker sin visumsøknad behandles

Erik Solheim klovner i norske media om Sri Lanka

Konfliktene mellom regjeringen og terroristgruppa LTTE [5] har vært en grunn til at Sri Lanka tiltrakk seg oppmerksomhet fra verden og særlig fra Norge. Krigen sluttet i 2009 ved bortgangen av lederen til terroristgruppa. Den omstridte saken i konflikten faller ut av omfanget av oppgaven. Men det ser ut til at Erik Solheim fortsette å vise spesiell hensyn til saken [6], [7] i Sri Lanka selv om han ble foraktet blant de fleste i befolkningen etter å ha gjort et fullstendig feilgrep i meglerprosessen [8], [9].

I det siste har det vært noen artikler i avisene som reklamerte for Sri Lanka for å oppfordre til å reise dit [10]. Jeg tror at det har hjulpet å tegne et vakkert bilde av Sri Lanka blant nordmenn.

Konklusjon

Den lille øya har skapt ulike perspektiver blant nordmenn og andre utlendinger. De fleste av dem er positive og noen av dem er utfordrende. Noen forsterker bildet av srilankere mens de andre gir dem mindre verdi. Noen fordommer er helt riktige, noen er omstridte og få av dem er feil.

Kommentarer

Følgende begrensinger av undersøkelsen kan nevnes;

  • For lite prøveutvalg
  • Dekningsområdet demografisk er litt for snevert
  • De fleste av personene som deltok i undersøkelsen var mine norske venner. Derfor kan svarene eventuelt være ensidige.

Bibliografi

bibliografi