ගෙදර ගියත්, මඟ හිටියත් – කොහොමත් නැසෙන ජනාධිපතිවරණය 2019

ගෙදර ගියත්, මඟ හිටියත්, කොටින්ම පන්සල්-පල්ලි ගියත් නසින රටක්.. අපි ට ඉතුරු උනේ කොහොමද මිත්‍රවරුනි?

තව චන්දයක් ඇවිල්ලා. තව දවස් තුනෙන් ලංකාවේ මීළඟ දිශානතිය තීරණයක කරන්න ඔබට නැවත දවසක් ඇවිල්ලා..  එහෙම හිතන අය, බලාපොරොත්තු කුඩු කරගන්නේ නැතිව  ඔබේ බ්‍රව්සරයේ ඉහල දකුණු කෙලවරේ X ලකුණ ඔබන්න.

ප්‍රධාන team දෙකයි පොඩි team දෙකකුයි ඉන්නවා. ගෝටාබය හෝ සජිත් කියන්නේ ලොකු  team වල නම් පමණයි. එතන, වේගවත් පිතිකරුවෝ ඉන්නවා. ඔලු ගැලවෙන්න වේග පන්දු දාන අය ඉන්නවා, team එකේ හිටියට නොහිටියනං හොඳයි කියල හිතෙන උන් ඉන්නවා. team එකේ බොක්ක දෙන්න වගේ හිටියට match-fixers ල ඉන්නවා. තව පිට්ටනියට බහින්නේ නැති, හැබැයි balcony එකේ ඉදන් බලන් ඉන්න coach ල ඉන්නවා.. ඔතනින් බයානක ම balcony එකේ වත් නැති.. sponsors ල. Cricket match එකක නං sponsors ලගේ නම් team t-shirt එකේ ගහනවා.. කුරුවල් වෙච්ච ප්‍රජාතන්ත්‍රවාදී රටවල, campaign එකට සල්ලි එන්නේ කොහෙන්ද අපි දන්නේ නෑ. අර්ජුන් ඇලෝසියස් ලා, නෙවිල් ප්‍රනාන්දු ලා  ඇතුළු ලොකු පොඩි ගේම් කාරයෝ දෙපැත්තටම සල්ලි දානවා. මොකද ඒක උන්ගේ business එකට කරන ආයෝජනයක්. විදේශ ආණ්ඩු, NGO වලින් දෙන අල්ලස් එහෙම අපිට කල්පනා වෙන්නේ.. අවුරුදු ගානක් ගියාට පස්සේ.

කමක් නැ.. ළිඳට වැටිච්ච එකා ළිං කටෙන් ම ගොඩ එන්න එපා යැ. චන්දෙ කියන්නේ, මම අත්විඳින ප්‍රශ්න විසඳගන්න මම දේශීය තලයෙන් ගන්න ප්‍රධානම තීරණයයි.  එතකොට අපිට තියෙන ප්‍රශ්න මොනාද? 1948 න් පස්සේ, අපි රටක් විදියට, ජන කොට්ටාසයක් විදියට, අපේ ජීවිතයේ quality එක වැඩි කරගෙනද? අපේ කාලය (වෙන විදියකින්, ජීවිතය) ගත කරන්නේ අපිට ඕන, කැමති දේ කරන්න ද?

නාගරික මධ්‍යම පන්තියට  දැනෙන ප්‍රශ්න ටිකක් පහත රූපයේ තියෙනවා..

කෝච්චර පෝර දැම්මත් ගෙඩි එන්නැති ගහක් වගේ.. මොන චන්ද තිබ්බත්, ඔය උඩ තියන ප්‍රශ්න, කම්කටොලු ටික අඩු වෙනවා වෙනුවට වැඩි වෙන්නේ ඇයි?

iceberg_issues

මට පේන විදියට, ලංකාවේ තියන ප්‍රශ්න, අඩු පාඩු ඉපදෙන්නේ.. යට ගැඹුරේ තියෙන ප්‍රධාන උල්පත් කරුණු 4 ක් නිසා. ඒවා නම්;

    1. තනි අනන්‍යතාවය නොමැති ජාතියක්
    2. මුල් නැති අධ්‍යාපනයක්
    3. අපි නොඉල්ලපු ප්‍රජාචන්ච මොකද්ද එක
    4. මුරබල්ලන් බලු කුජීත වීම

01. ජාතික අනන්‍යතාවය නොමැති ජාතියක්

Ladies college යන ටානියායි, ගැටහැත්ත ජාතික පාසලට යන තුෂාරී, කාතන්කුඩි මුස්ලිම් පාසලේ ඉගෙන ගන්න සුමෙයියා යි, වව්නියාවේ රාධක්‍රිෂ්ණා හින්දු පාසලේ වත්සලා යි ශ්‍රී ලංකාව කියල හඳුනා ගන්නේ එකිනෙකට හාත්පසින් වෙනස් කතාවක්. වැඩියේ ඕනේ නැ, කොළඹ මරදානේ වර්ග කිලෝමීටරයක් ඇතුලේ තියෙන ආනන්දේ, සහීරා, St. Joseph ගත්තම ළමයි න් ලංකාව කියල හඳුනාගන්නේ තුන් රටක්. පාලන-ප්‍රභු පන්තියේ පිරිස් ඉන්නේ සුදු අධිරාජ්‍ය මනසින්. ගමේ සිංහල මිනිහා ඉන්නේ දුටුගැමුණු රජ සමයේ. යාපනේ දෙමළ මිනිහා ඉන්නේ එළාර රජ සමයේ. සිංහලේ පියා, ජාතියේ මහා අප්පච්චි පවා, තම පුතාල දුවලව යැව්වේ ඉංග්‍රීසි ඉස්කෝල වලට මිසක් ආනන්දෙට, විසාක එකට නෙමේ.

එකම එක අනන්‍යතාවයක් මිලියන 22 ට හදල, ඔලුවට කවල.. අපි මිලියන 22 ම එක රටක දරුවෝ කියල පපුවට ගහගෙන ජාතික ගීය කියන්න පුළුවන් වෙන්න ඕනේ. දෙමළෙක්, මුස්ලිම් මනුස්සයෙක් පීඩාවට ලක් වෙද්දී, සිංහලයින් ට ඇඩෙන්න ඕනේ (දුකට). ඔකේ vice versa එක වෙන්නත් ඕනේ.  අපේ රට වගේ බෙදුණු ජාති හිටියට සිංගපූරුවේ, ස්විට්සර්ලන්තයේ මිනිස්සු න් ගේ ජාතික හැඟීම දැක්කම කඳුළු එනවා. ඒකයි, සිංගපූරුවේ 15% ක් වෙච්ච මැලේ ජාතිකයන් ගේ බාසාවෙන් 76% ක් වෙච්ච චීන බාශිකයෝ ඇතුළු සමස්ත සිංගප්පූරු ජාතිකයෝ ම හීන මානයක් නැතුව ජාතික ගීය ගයන්න පුළුවන් වෙලා තියෙන්නේ.  මේ මගේ රට කියල හිතුන දාට,  එතනින් බිහි වෙන ජනතාව, තම රට සමූහ දුෂණයකට ඉඩ තියන්නේ නැ. බිහිවෙන නායකයෝ, සේවකයෝ එකා මෙන් කැක්කුමෙන් වැඩ කරනවා. හැබැයි එතන මිලියන 22 ම ඉන්න ඕනේ. අනන්‍යතාවය සමස්ත ජාතියටම මහා පොදු සාධකය වෙන්න ඕනේ. අපේ නිදහසේ පියා ඇතුළු පළමු අවුරුදු පහළොවේ පාලකයන්ට ඒක මඟ අරුනා.. එකේ ප්‍රතිපලයක් ලෙඅ අපි අද ගිනියම් ඉර යි, සඳ සිසිලසයි මැද හොයනවා අපි කවුරු ද

02. බටහිරට මුල් ඇදුනු අධ්‍යාපනය

පොඩි උදාහරණයක්: ඇමරිකාව හොයා ගත්තේ ක්‍රිස්ටෝෆර් කොලොම්බස් කියල O/L අච්චු පොතේ තිබ්බ මට මතකයි. ඔව්, ඒක හරි. බටහිර යුරෝපිකයන් අතරින් ඉස්සෙල්ලම ඇමරිකානු මහද්වීපයට ගිහින් තියෙන ප්‍රසද්ධ ම කෙනා එතුමා. නමුත් ඔහු යද්දී, කළු, සුදු මිනිස්සු ඉඳල තියෙනවා.. ඒ කියන්නේ කොලොම්බස් හොයාගෙන තියෙන්නේ, තව කට්ටියක් කලින් හොයාගෙන තිබුන එකක්. ලංකාවේ අදටත් තියෙන්නේ, එංගලන්තේ වත් නැති, සුදු අධිරාජ්‍යය කේන්ද්‍ර වුන අධ්‍යාපන ක්‍රමයක්. අධ්‍යාපනයේ භාෂා ප්‍රතිපත්තිය තියෙන ඛේදනීයත්වය මෙතනින් කියවල බලන්න.  ජාතියක කඩා වැටීමේ ආරම්භය, අධ්‍යාපනයේ කඩා වැටීමයි.

මහ පාරේ රියදුරන් ගේ අසංවරත්වය, වෙලාවට වැඩක් කිරීමට ඇති නොහැකියාව, අන් ජාති දෙස බලන පහත් දෘෂ්ටිය, මිත්‍යා-සාස්තර කාරයන් ගේ ජනප්‍රියත්වය, දවසකට හොර රහසේ වෙන ගබ්සා මරණ ගණන (>600), පහත් ගීත, කලා නිර්මාණ සහ රුචිකත්වය අපේ අධ්‍යාපනයේ කඩා වැටීමේ බාහිර දර්ශකයි.

03. ප්‍රජාචන්චේ

පරංගින් ගෙන්, ලන්දේසි කාරයන් ගෙන්, බ්‍රිතාන්‍යන්ගෙන් නිදහස් වන සටන් අහල තියෙනවා. නමුත්, අපේ මුතුන්මිත්තන් ට රාජාණ්ඩුව එපා.. ජනතාවගේ රජයක් (ජනරජයක්), ප්‍රජාවගේ පාලනයක් (ප්‍රජාතන්ත්‍රවාදය) ඕනේ කියල හර්තාල්, විප්ලව කරපු හෝ අඩුම ගානේ ඉල්ලීමක්, කතා බහක්, වාදයක් වත් තිබ්බ කියල අහල නැ.

අපි නොඉල්ලපු ප්‍රජාතන්ත්‍රවාදයක අපි අද කොටු වෙලා. ප්‍රජාතන්ත්‍රවාදය සුන්දර, යුරෝපීය සංකල්පයක්. නමුත් ඒක කකුල් හතරක මේසයක් වගේ. කකුල් (ප්‍රධාන අංග) හතර එක උසට නොතියෙන තාක් කල්, ප්‍රජාතන්ත්‍රවාදය තරම් අසාර්ථක ක්‍රමයක් ලොවෙත් නැ.

මං අද ජීවත් වෙන්නේ ලෝක ශ්‍රේණිගත කිරීම් වල ලොව සාර්ථකම ප්‍රජාතන්ත්‍රවාදය තුළය. එය හොඳින් හැදෑරීම සඳහ මම මෙහෙ දේශපාලන පක්ෂයකට සම්බන්ධ වුනා. ඒ හරහා මට තරුණ සහ ප්‍රවීණ දේශපාලකයෝ ඇසුරු කරන්න අවස්තාව ලැබුන. මේ අභාෂයෙන් මට දැන් තේරෙන්නේ ලංකාවේ තියෙන්නේ කකුල් කැඩිච්ච ප්‍රජාතන්ත්‍රවාදයක්. ඒක මර උගුලක්. 

තනි අනන්‍යතාවයක් නැති ජාතියක්, මුල් සිඳගත් සමාජ-අධ්‍යාපන ක්‍රමයක් තුල හැදිලා වැඩිලා, චන්ද පෙට්ටිය ගාවට ගිහින් ජාතික තීරණයක් ගන්නේ කොහොමද? ඕක අස්සේ, එක කට්ටියක් ජාතිකත්වය විකුණන් කනවා, අනිත් උන් සංහිඳියාව විකුණන් කනවා.

04. මුර බල්ලන් කුජීත වීම

ජාතියේ මුරබල්ලෝ දෙන්නෙක් ඉන්නවා. මුන් දෙන්නා හැමෝටම තදට, සැරට ඉන්න තරමට ඒ ජාතියේ හික්මීම තීරණය වෙනවා. එක: ජනමාධ්‍ය, දෙක: නීති-අධිකරණ පද්ධතිය. ඔය දෙක ලංකාවේ කොතනද තියල තියෙන්නේ කියලා මං කියන්න ඕනෙ ද?


සජිත් ට පුළුවන්ද?

සජිත් කියන්නේ කටේ කෙල විසි වන ගානට බොල් පොරොන්දු දීලා, පිටට තට්ටුවක් දාල, නොතේරන මිනිස්සුන්ට බලාපොරත්තු දෙන්න පුළුවන් මහින්ද-style ආකර්ශනීය දේශපාලකයෙක්. ගමයි නගරයයි එකතු කරගෙන ඉන්න පුළුවන් කලාතුරකින් එන දක්ෂයෙක්.. ත්‍රස්තවාදීන් පවා එකතුයි. එච්චර ආකර්ශනීයයි.

කව්ද සජිත් ගේ team එකේ ඉන්නේ? සිංහල අන්තවාදීන් ගෙන් පාඨලී විතරයි ඉන්නේ.. චූටි  වෙස්මූනක් දාගෙන. ඔක්කොම මුස්ලිම්, දෙමල අන්තවාදීන් ඉන්නේ එතන. බෝම්බ ගහල,  අහිංසක නිරායුධ දරු පවුල් සිය ගණනක් මරලා,  මළමිනි ගණන් කරලා ඉවර වෙන්නත් කලින්, suspects ල release කරන්න බලපෑම්/ඉල්ලීම් කරපු එකා ට එරෙහිව.. හිටගන්න  බැරි වෙච්ච සජිත් ට, රටේ ම  යුක්තිය, ගැලවීම වෙනුවෙන් පෙනී සිටින්න පුළුවන් ද?

කුලියාපිටිය පැත්තේ අමු අමුවේ මුස්ලිම් වෙළෙන්දෙක් ව මරල, පල්ලි, ගෙවල් වලට ගැහැව්වයි කියල 50 ක් විතර arrest කරා. උන් ව මෙහෙයවපු මහමොළ හෙළි කලේ නැත්තේ ඒවා මෙහෙයවල තියෙන්නේ UNP ආණ්ඩුවෙන් ම නිසා ද? කොහොමද මෙහෙව් උන් සංහිඳියාව වෙනුවෙන් පෙනී ඉන්නේ??


ගෝටා 2.0 කොහොමද?

යම් කිසි scope එකක වැඩක් කරපු, පොත පත කියවන, technology වලට හිත තියෙන, රට ලෝකේ දැකපු, හමුදා නායකයෙක්. ගෝටා 2.0, original ගෝට ට වඩා, නිතර සිනාමුසු මුහුණින් ඉන්න, මටසිලුටු, නිවිච්ච චරිතයක් වගේ rebrand කරලා තියෙන්නේ. 

ගෝටා ගාව දෙමල, මුස්ලිම් අන්තවාදීන් නැ. කොටින්ම, දෙමල, මුස්ලිම් කිසිම ජනතා නියෝජිතයෙක්  නැ. ඉන්නේ සුපුරුදු සිංහල අන්තවාදීන් ටික විතරයි.

සිල් ගත්ත හාවෝ වගේ රටවැසියා තියාගන්න, ගෝටා ඉස්තරම්.. ලංකාව රාජාණ්ඩුවක් නම්. කරුමෙට ලංකාව, ප්‍රජාතන්ත්‍රවාදී රටක්, මිත්‍රවරුනි. සමහර මිනිස්සු ආසයි විවේචනය කරන්න. සමහර අය ආසයි වැරදි දේට වැරදි කියන්න. ඒක ජනරජයක අනිවාර්ය සාධනීය අංගයක්. ඒවා ගෝටා ට ඔරොත්තු දෙයි ද නැත්තං පස් වල නැවත රතු තැවරෙයි ද? අනික සිංහල හැරුණු කොට තවත් ජාතීන් මේ පිංබිමේ ඉන්නවා පිංවතුනි. චන්දෙ ට කලින් ම, ගෝටා, සිංහලය ගේ පමණක් රජ ලෙස ඔටුනු පැළඳගෙන ඉවරයි. 

එතකොට ගෝටා ගෙ team එකේ 2015 ට කලින් විජ්ජාව මෙතනින් කියවා ගන්න.  team එක කොච්චර කුජීත උනත් එතන දැනුම තේරුම තියෙන මිනිස්සු රැස් වෙලා ඉන්නේ, වෙන මුකුත් නිසා නෙමේ, ඒකීයත්වය වෙනුවෙන්, 13 ට එරෙහිව.  13 ට එරෙහිව තනියෙන් හිටගත්, බයි ප්‍රජාව දේවත්වයෙන් සලකන, හිටපු ශ්‍රේෂ්ටාධිකරණ විනිසුරුතුමකු වන රාජා වනසුන්දර ගේ අර්ථකථනයට අනුව 13 ප්‍රයෝගිකව, සුමටව අහෝසි කරන්න පුළුවන්  (ඒකීයත්වය ගලේ කොටන්න පුළුවන්),  දුර්ලබ, ස්වර්ණමය වාතවරණක් තුලදී පමණයි. එවැනි වාතාවරණයක් යනු රාජ්‍ය සුවිශේෂී ලෙස බලවත් වී සහ රටේ සුවිශේෂී අවස්තාවක් නිර්මාණය වීම. යුද්දේ දිනලා, 2/3 දින්නට පස්සේ  ඔය දෙකම මහින්ද මහත්තයා 2010 දී උදා කරගත්තා. (තුවාලෙට bandage එකක් දාල, ලේ ගලන එක නැවැත්තුවා) නමුත් 13 අහෝසි කරා ද? (තුවාලේ, සිංහල ජාතිවාදීන්ට ඕන විදියට සුවපත් කළා ද)  කෝ මේ ගුණදාස අමරසේකර? කෝ මේ නලීන් ද සිල්වා? ගෝට ගේ team එකේ තියෙන්නේ ජාතිකවාදය විකුණන් කන ව්‍යාඝ්‍ර පාරක් ව්‍යාපාරයක්.


විකල්පෙකට දෙන එක practical නෑ

අපි ඔලුවෙන් හිටගත්තත් සජිත් හරි ගෝට හරි තමයි දිනන්නේ (කියල හිතෙනවා). ඉතිං උන් දෙන්නා ගෙන් අඩුවෙන් වැරදි කෙනා ට දෙන එක තමයි practical. අනික තමයි, මම නිකං බුද්ධිමත් වෙලා මගේ චන්දෙ ගෝටා ගෙන් ගලවලා විකල්පෙකට දුන්නට, මගේ facebook ටොයි ප්‍රතිවාදියා ගල වගේ සජිත් මයි… ඒ නිසා.. ගෝටා ගෙන් ගලවන හැම චන්දයක් ම, සජිය ගේ පිල ට plus එකක් වෙනවා වගේ වැඩක් කියන reaction mindset නිසා විකල්පෙට දෙන්නෙත් නැ දෙපැත්තෙන් ම.

විකල්පෙයක් දිනවනවට වඩා ගොන් යෝජනාවක් දැන් මං කරන්න යන්නේ. ලංකාවේ දුප්පත් කමට පොඩි සහනයක්. අපි ලංකාවේ මිලියන 22 ටම කියනවා මාසෙකට රුපියල් 20 ක් පරිත්‍යාග කරන්න. කැමති අයට වැඩිපුර දෙන්න පුළුවන්. ideally අඩුම රුපියල් මිලියන 440 ක් හැම මාසෙම එකතු වෙන්න ඕනේ. ඒ එකතු වෙන මුදල්, එම මාසෙම දුප්පත් පවුල් දෙදාහකට, ස්ථීර අදායමක් එන වැඩ පිළිවෙලකට ආයෝජනය කරනවා. අවුරුද්දට දුප්පත් පවුල් 25000 ක් ගොඩ දාන්න පුළුවන්.  දැන් ඕක practical නෑ නේ. මිනිස්සු කව්ද රුපියල් 20 දෙන්නේ, ඇරත් දිගටම? අනික දුප්පත් මිනිස්සු, ඔය වැඩේ ට, තමන්ගේ සමුර්ධි යෙන් දෙයි ද?

නමුත් මේ දේ ලංකාවේ ඇත්තටම කෙරෙනවා ජාතික ලොතරැයි මණ්ඩලය හරහා (යම් දුරකට). මාස්පතා නෙමේ සති පතා දුප්පත්, පෝසත් බේදයක් නැතිව මිනිස්සු සල්ලි රු 20 නෙමේ 200 ක් වගේ දානවා තමාට lottery එක ඇදෙන සම්භාවිතාව කොච්චර පොඩි උනත්.

දැනුම තේරුම තියෙන, ප්‍රධාන පක්ෂ දෙක ම වංචා රැවටිලි කාරයෝ කියල හිතෙන මිනිස්සු  තේරුන් ගත්තොත් තමන්ගේ චන්දෙ, අවුරුදු පහකට සැරයක් දෙන පුංචි රුපියල් 20 ක් වගේ.. හැබැයි lottery එක මුළු රටට ම කියලා.. විකල්පේ  ජයග්‍රහණය හිතන තරං දුර තියන කතාවක් නෙමේ.



විකල්පෙකට දෙන එකේ වැදගත් කම

  1. ප්‍රධාන ධාරාවට තමා ගේ ඍජු විරෝධය ප්‍රකාශ කිරීම ප්‍රධාන පණිවිඩයයි. තමා, පාස්කු ප්‍රහාරයේ හෝ දිගන ප්‍රහාරයේ හෝ, දර්ක town,  රතුපස්වල සිද්දි වල ලේ තම අත් වල තවර ගැනීමට සූදානමක් නැ කියන පෞර්ෂය.
  2. නොතේරුණු, වහල් ජනතාවක් විසින් තම තීරණය, චන්ද බලය පාලනය වෙනවා වෙනුවට, තම තීරණය විසින් රටේ පෙර ගමන තීරණයක කරන්න වගකීම ගැනීම.
  3. තුන්වෙනි එක තමයි හොඳම එක. විකල්ප තමයි ලංකාවේ අනාගතය. විකල්ප අතර හොඳ තරඟයක් ඇති වීම, රටට හොඳ දෙයක්. එහෙම වුනා ම, විකල්ප අතර හොඳ විකල්ප ඉස්මතු වෙනවා. මොකද ලැට් පෝච්චියට, සිමෙන්ති කොට්ටෙට ගන්න පුළුවන් චන්ද එතන නැ. විකල්පෙකට වැටෙන හැම චන්දයක් ම, විකල්ප පදනම තවත් ශක්තිමත් කරනවා. එහෙම උනාම,  දේශපාලනයට එන්න බය, නමුත් දේශපාලනයේ ඉන්න ඕන මිනිස්සුත් තව තව එන්න ගන්නවා.

ඔබල දුබලව ඉන්න ලන්කාවට අත්‍යාවශ්‍ය, ඉක්මනින් දෙන්න පුළුවන් සේලයින් ටිකක් 

  1. ප්‍රාදේශීය සභා සිට ජනපති දක්වා සියලු මහජන නියෝජිතයන් සහ පවුලේ අය ගේ සියලු වත්කම් පැය 24 පුරා internet එක ඔස්සේ පාරදෘශ්‍ය වීම (Norway එහෙමයි)
  2. වත්කම් හෙලි නොකිරීමේ දී ලැබෙන දඬුවම හොරු විසින් තවම රු 1000 සීමාවේ තියන් ඉන්නේ. ඕක එක රැයින් රු මිලියන 100 දක්වා වැඩි කිරීම
  3. රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය, ස්වාදීන කොමිසමකින් නියාමනය වීම. එම කොමිසමට දඬුවම් පැවරීමේ බලය තිබිය යුතුය
  4. අන්තර්ජාලය ඔස්සේ වෛරය, ජාතිවාදය ප්‍රවර්ධනය කරන අයවලුන්ට එරෙහිව අඩු ලුහුඬු පනත් සම්පාදනය කර විශේෂ අධිකරණයක් මගින් උපරිම දඬුවම්.

මේ ටික ඇතුළු, අර පතුලේ තියන කරුණු වලට අමතන්න පුළුවන් team එක ට ඔබේ චන්දය දෙන්න. එහෙම උනොත් ලංකාවේ අයට ඉන්න හිතෙන, පිට ඉන්න අයට එන්න හිතෙන රටක් හැදෙයි. නැත්තන්, ගෙදර ගියත්, මඟ හිටියත් නැසෙන රටක් ඉතුරු වෙයි.

5 thoughts on “ගෙදර ගියත්, මඟ හිටියත් – කොහොමත් නැසෙන ජනාධිපතිවරණය 2019

  1. මේක කියෙව්වට පස්සේ හිතෙන්නේ චන්දෙ නොදා ඉන්නනෙ 🙂

    Like

      • ගෝඨා හොඳත් නැහැ වගේ , සජියත් වැඩක් නැහැ වගේ , විකල්පෙත් වැඩක් නැහැ වගේ එතොට කවුද ඉන්නේ

        Liked by 1 person

  2. මෙදාපාර සජිය දිනුවොත් සිංහලයන්ට වෙන්නේ 1994-2005 අඳුරු යුගයට නැවත යන්න.
    එදාට වඩා එක වාසියක් තියෙනවා. ඒි කමයි ෆේස්බුක්. ඒ නිසා සිංහල බෞද්ධ අභිලාශයන් ප්‍රසිද්ධ කරන්න අද පහසුයි.
    එදා තිබුනේ NGO මතවාදී ආධිපත්‍යයක්
    අවාසිය තමයි එදා ප්‍රභාකරන් හිටියා. අද ඉන්නේ සුමන්තිරන්.
    ප්‍රභාකරන් කියන්නෛ් දෙමළ බයියා.
    සුමන්තිරන් දෙමළ ටොයියා.
    දෙමළ ජාතිවාදය පටන්ගත්තෙම ටොයියෝ. උන් බයියන්ට වඩා කපටියි.

    මට හිතෙන්නේ සජියගෙන් වාසියට වඩා පාඩුව වැඩියි.

    Like

    • පෑහෙන්නේ නැති ජාති දෙකක් සමවාසය කරද්දී, කට්ටිය දෙපැත්තට අදිනවා කියන එක පුදුමයක් නැ නේද?

      එක්කෝ බලෙන් පාහවන්න ඕනේ.. නැත්තන් මේ ඉල්ලව්වේ බලය, පාර්ලිමේන්තුවට යටත් ව බෙදල දාන්න ඕනේ. ඔය දෙකම නොකර.. සිංහලය වයි, දෙමලවයි අන්දන එක නේ වෙන්නේ.

      1948 ට කලින් ඉදන් තිබ්බ, ඊට පස්සේ හැම චන්දෙකදිම ආව වාදෙ මනේ තාම තියෙන්නේ.. ඕක ට ඇස් වහල. අරුන් අරෙහෙ වමට ගහනවා.

      Like

Leave a comment